අගමැතිතුමා රහස් පරීක්ෂකයෙක් නෙවෙයිනේ – අජිත් පෙරේරා

ajith-pereraශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය කරතිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

“එය නීතිපතිවරයාට යවනවා කියන කාරණය පමණක් උචිත වන්නේ නැහැ මොකද නීතිපතිවරයාට මීට කලිනුත් මේ වංචා පිළිබඳ සියලු පැමිණිලි යවල එතන ඒ ගොනුව තාම ගැට ගහල පැත්තකට කරලා තියෙනව,” මන්ත්‍රීවරයා පැවසීය.

කොමිසමේ නිර්දේශ පිළිබඳව විමසීම සඳහා රවි කරුණානායක මන්ත්‍රීවරයා ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

එම නිර්දේශ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා: “දැන් බොහෝ දෙනා චෝදනා කළේ ගරු අගමැතිතුමා අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම වැරදියි කියල. කොමිසම පිළි අරන් තියෙනව පත්කිරීම නිවැරදියි, විධිමත් කියල,” යනුවෙන් සඳහන් කළේය.

මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත කටයුතු පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ හෙළි වූ බොහෝ තොරතුරු පිළිබඳව අගමැතිවරයාට පූර්ව අවබෝධයක් නොතිබුන බැවින් අගමැතිවරයා තමන් යටතේ සිටින නිලධාරීන් පිළිබඳව විශ්වාසය තැබීම වැරැද්දක් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ මතයය.

“අගමැතිතුමා රහස් පරීක්ෂකයෙක් නෙවෙයිනේ? පොලිස් නිලධාරියෙකුත් නෙවෙයි. අගමැතිතුමාට මේ තොරතුරු තිබුණේ නෑ.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.