අගමැති ජනපති විරෝධයේ සුසානයේ

president&priministerහම්බන්තොට වරාය චීනයේ CM Port සමාගමට පැවරීම සඳහා වු ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව දැක්වූ එකඟතාව කඩා කිරීම හේතුවෙන් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පසුගිය  29 දා  උදේ 10ට කොළඹ වරාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්ප වුහ.

ජනාධිපතිවරයා විශ්වාශ කොට තම වර්ජන කර්ය මාර්ගය අත්හැරියත් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ එකනගතාව කඩකරමින් වැඩකරන ජනතාව රවටා ඇති බව විරෝධතාකරුවන් පැවසුවත් තෙල් සේවකින් ගේ වර්ජනය මැඩ පැවැත්වූ ආකාරය අනුව තමන්ට වර්ජනය කල් දැමීම හැරෙන්නට අන් විකල්පයක් නැති බව වරාය සේවකයින් ලජ්ජාවට සාකච්ඡා කොට වර්ජනනය අකුලා ගත්හ.

දැන් වර්ජනයේ නායකයින් ඒකාබද්ධයට පස් පදන්ගුවේ බනින අතර ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයුම මත විරෝධතා පවත්වමින් සිටිති.

විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ජායාරූප මෙන්ම මිනී පෙට්ටි, මල්වඩම් පුලුස්සමින් සටන්පාඨ කියමින් තම විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළහ.

photo

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.