අගවිනිසුරු උත්සවයෙන් පිටමං

 

මොහාන් පීරිස් ගේ ඉරණම තීන්දු වෙයි
මොහාන් පීරිස් ගේ ඉරණම තීන්දු වෙයි

ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවට වසර 50ක් පිරීම නිමිත්තෙන් අද (19) නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන සමරු උත්සවයට සහභාගීවීමට අගවිනිසුරුවරයාට යැවූ ආරාධනාව නීතිපතිවරයා විසින් අවලංගු කරීමත් සමගම මහන් පීරිස් තවත් අර්බුදයකට  මුහුණ පා සිටී.

ජනාධිපතිවරණයට පෙර මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ජනාධිපතිවරණය අවසන් වී 9 වන දින පාන්දර අරලියගහ මන්දිරයේදී සිදු කළ කුමන්ත්‍රණයේ කොටස්කරුවකු බවට අගවිනිසුරුවරයා පත්වී සිටින අතර මේ පිළිබඳව විමර්ශන ආරම්භ වී තිබේ.

අගවිනිසුරුවරයාට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නීති වේදීන් ගේ සංගමය කියාසිටින අතර මේ පිළිබඳව අගමැතිවරයා ටද දන්වා තිබේ.

 

නීතිපති යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා අද පැවැත්වෙන නීතිපති දෙපාර්තමේන්තුවේ උත්සවයට සහභාගී නොවන ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට දන්වමින් ඊයේ දිනයේ ලිපියක් යොමු කර  ඇති බවයි වාර්තා වන්නේ.

අගවිනිසුරුවරයා ඉවත් කිරීමට  දෝෂාභියෝගයක් ගෙන ආ හැකි නමුත් එසේ කිරීම කල් ගත වෙන  හෙයින් විවිධ බලපෑම් කිරීම තුලින් ඔහු ඉල්ලා අස්වීමට සැලැස්විය හැකි බව විශ්වාසයක් ගොදනගිමින් තිබෙන බව පෙනෙන්ට තිබේ.

 

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තනතුරෙන් ඇස කල ආකාරය පිළිබඳව ප්‍රශ්න ඇතත් අයත් එක වකවානුවක්දී රාජපක්ෂ රෙජීමයට හිතවාදීව කටයුතු කළ බව නීති ක්ෂේත්‍රයේ

කතා බහක් ඇතිවී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.