අගවිනිසුරු කේ. ශ්‍රීපවන් -සටහනක්

 

 

 

7e302c66ad0e25380fef5e8c70272a7a_L

 

 

මීළඟ අගවිනිසුරුවරයා ලෙස කේ. ශ්‍රීපවන් මහතා පත්කිරීමට නියමිතව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මේ අනුව නව අගවිනිසුරුවරයා ලෙස පත්වීමට නියමිත කේ. ශ්‍රීපවන් මහතා පිළිබඳ තොරතුරු බිඳක් පහතින් පළ වේ.

අභිනව අගිවිනිසුරු ධුරයේ පත්වී ඇති විනිසුරු කනගසබේපති ජේ ශ්‍රීපවන් මහතා ජ්‍යෙෂ්ඨ නීතීඥයෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස සේවය කොට ඇති අතර හිටපු නියෝජ්‍ය නීතිපති සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙසත් වැඩ බලන අගවිනිසුරුවරයෙකු ලෙසත් සේවය කර තිබේ.

1952 පෙබරවාරි 29වනදා යාපයේදී උපත ලබා ඇති ශ්‍රීපවන් මහතා යාපනයේ හින්දු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයට ඇතුළත්ව 1976දී පළමු ශ්‍රේණියේ සමාර්ථයක් සහිතව නීති විභාගය සමත් වී ඇත.

1978 පෙබරවාරි මස 14 වෙනි දින නීතිපති දෙපාර්තමේන්තුවට ඇතුළත්ව වැඩබලන නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා 1989දී ජ්‍යේෂ්ඨ නීතී උපදේශකයෙකු ලෙස පත්වී තිබේ.

1996 වසරේදී නියෝජ්‍ය නීතිපති ලෙස පත්වීම ලබා අභියාචනාධිකරණයට අදාළ කටයුතු සභාපතිවරයා ලෙසත් සේවය කොට ඇත. නව නීති අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් 1992දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාර්මික නීතිය පිළිබඳව ඩිප්ලෝමාවක්ද ලබා තිබේ. 1992 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේදී නීතිය පිළිබඳ විශේෂ උපාධියක්ද හිමිකරගෙන ඇත.

2002 වසරේ මැයි 29 දින අභියාචනාධිකරණයට විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ ශ්‍රීපවන් මහතා 2007 වසරේදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත්විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිහාල් ජයසිංහ මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රීපවන් මහතා 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.