අගවිනිසුරු වරද නිවැරදි කලාට ජාත්‍යන්තර පැසසුම්

 

 

downlcanada

 

 

හිටපු අගවිනිසුරුවරිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත වරක් එම ධුරයේ පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ප්‍රසාදය වත්මන් රජය වෙත පළ වී ඇත.

කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් සඳහන් කරන්නේ 2013 වසරේදි ඇය එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව තමන් දැඩි අවදානයෙන් පසුවු බවත් එය දේශපාලනික ස්වරූපයක් ගෙන තිබූ බවත්ය.

නමුත් වත්මන් රජය නැවතත් අගවිනිසුරු ධුරය ශිරාණි බණ්ඩාරනායකට ලබා දීම නිවැරදි බව කැනඩාව කියා සිටී.

downsharma

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා දිවයිනට

තෙදින නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා දිවයිනට පැමින සිටී.

කමලේෂ් ෂර්මා මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා මෙම සංචාරය තුළදී මේ වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව පිළිබඳවද සාකච්ඡා කිරිමට නියමිතය.

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.