අගහරු-සිකුරු සංග්‍රාමය

අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් අඟහරු සහ සිකුරු ග්‍රහයන් දෙදෙනා ඉදිරි දින කීපය තුළ ටිකෙන් ටික ලං වන හෙයින් ඉන් ඇති වන ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දැඩි ශීත කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකි බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි.our-place (1)

 

 

මෙය මෙසේ වුවද, තාරකා විද්‍යාවෙහි විශේෂ සංසිද්ධියක්‌ ලෙසට සැලකිය හැකි ‘ග්‍රහ සංග්‍රාමයක්‌” හෙවත් ජ්‍යෙතිෂයට අනුව ‘ග්‍රහ යුද්ධයක්‌’ ඔබ සැමට පියවි ඇසින් බලා ගැනීමේ මහඟු අවස්‌ථාවක්‌ පෙබරවාරි මස 22 වැනි දිනට යෙදීමට නියමිතය.

සූර්යයා බැස යැමත් සමගම බස්‌නාහිර අහස දෙස බලන අයකුට පොළොවේ සිට අංශක 45 ක්‌ පමණ ඉහළින් විදුලි බුබුලක්‌ මෙන් එළිය විහිදුවන සිකුරු ග්‍රහයා ඉතා පහසුවෙන්ම බලා ගැනීමට ලැබෙනු ඇත. එමෙන්ම, සිකුරු ග්‍රහයාට තරමක්‌ ඉහළට වන්නට රත් පැහැයක්‌ ගන්නා අඟහරු ග්‍රහයා ද දැකගැනීමට පිළිවන. මෙම ග්‍රහයන් දෙදෙනා පෙබරවාරි මස 22 වැනිදා උදේ 10.44 ට එකිනෙකා වෙත බොහෝ ළංව පිහිටමින් ‘ග්‍රහ සංගමයක්‌’ හෙවත් ‘ග්‍රහ යුද්ධයක්‌’ සිදු කළ ද, එම අවස්‌ථාව ශ්‍රී ලංකාවාසීන් වන අප හට බලා ගැනීමට නොහැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.