අජිත් පෙරේරා දේශප්‍රේමයෙන්

 

ජාතික ගීය විකෘති කිරීම ගැන උස් හඬින් ප්‍රශ්න කළේ එවකට විපක්ෂ නායක ව සිටි රනිල් වික්‍රමසිංහය.ඔහු අගමැති වූ නමුත් ඒ ගැන ගත පියවරක් නැත.

මෙවර ප්‍රශ්නය මතු කරන්නේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරාය. මේ පිළිබඳව මැසිවිලි නගන්නේ  නැතිව පියවර ගන්නේ නැත්තේ මන්ද යන ප්‍රශ්නය මතු වෙතොත් එය අසාධාරණ එකක් නොවේ.

11157009_10153250189373960_811155999_n

හිටපු ආරක්ෂක ලේකම් අල්ලස් හෝ දුෂණ කොමිසම වෙත කැඳවීමට ගත් තීරණයට විරුද්ධව ‘හොරු වෙනුවෙන් හොරු’ ව්‍යාපාරය ගෙනගිය උද්ඝෝෂණවලදී එය මෙහෙයවූවන් ජාතික කොඩිය විකෘති කරමින් ජාතිවාදය වැපිරීමට කටයුතු කිරීම ඉතා බරපතල දෙයකියි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

විකෘති කළ ජාතික කොඩි ප‍්‍රදර්ශනය කළ එම විරෝධතාකරුවන්ට හා ඒවා මෙහෙයවූ පුද්ගලයන්ට එරෙහිව හැකි ඉක්මනින් නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි රජය හා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමා පොලිස්පති හා නීතිපති ඉල්ලා සිටින බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ගම්මන්පිල ගේ ප්‍රතිචාරය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී විකෘති කරන ලද ජාතික කොඩි තමාද අතදරා සිටි බව පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන ලේකම්,බස්නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉකුත් 23 වන දින අල්ලස් කොමිසම අසළ පැවති උද්ඝෝෂණයට විකෘති කරන ලද ජාතික කොඩි යම් පිරිසක් විසින් ගෙනවිත් තිබුණු බවත්,එම කොඩියේම කුඩා කොඩි රැසක් පෙළපාලිකරුවන් අතර බෙදාදුන් බවත් ඔහු පවසයි.

ඒ සැබෑ ජාතික කොඩිය යයි තමා අවංකවම විශ්වාස කරනු ලැබූ බව ගම්මන්පිල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එසේ වුවද ජනමාධ්‍ය හරහා ආරාධනා කර පොදු ස්ථානයක පැවැත්වෙන විරෝධතාවයකට පැමිණෙන පිරිස් පිළිබඳ සංවිධායකයින්ට පූර්ණ වගකීමක් ගත නොහැකි බව ද ඔහු කියා සිටියි.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.