අඩුපාඩු තිබුණට යහපාලනය ඉදිරියටම යනවා – අගමැති රනිල්

ranil wickramasingheඅපිට හංගන්න කිසිදෙයක්‌ නෑ. අඩුපාඩු වෙන්න පුළුවන් එහෙත් යහපාලනය ඉදිරියටම ගෙනයන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසමට ඊයේ (20 දා) සාක්‌ෂි ලබාදුන් පසුව මාධ්‍යය හමුවේ කියා සිටියේය.

එහිදී අගමැතිවරයා මෙසේ ද කීය.

කරුණු රැසක්‌ පැහැදිලි කරන්න අද මට අවස්‌ථාව ලැබුණා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය, රටේ සිදුවී තිබෙන හානිය ඇතුළු සියල්ලම මට මෙතැනදී පැහැදිලි කරන්න ලැබුණා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමතියි මමත් අපේ පක්‌ෂයේ සභාපතිතුමාත්, ලේකම්වරයාත්, ඇමැතිවරුත් කිසිම බියක්‌ නැතිව ඉදිරිපත් වුණා. මේ සඳහා අපිට හංගන්න කිසිම දෙයක්‌ නෑ. අපි යහපාලනය ඉදිරියට ගෙන යනවා. අඩුපාඩු වෙන්න පුළුවන් ඒත් යහපාලනය ඉදිරියට ගෙනයනවා.

(අකිත පෙරේරා)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.