අඩුව තිබියදී අත පුච්චා ගැනීම.

Capture

ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ 7 වන තරගය ඊයේ (01) ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු අතර ඉන්දියාව කඩුලු 05 කින් තරගය ජයගනු ලැබුවා.

එහෙත් පසුගිය තරග වලදී මෙන්ම මෙම තරගයේදීත් දුර්වල විනිසුරු තීරණ දක්නට ලැබීම කනගාටුවට කරුණක්. පසුගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචරයේදීත් දුර්වල විනිසුරු තීරණ තරගයට බලපෑම් කොට තිබු අවස්ථාවක විනුසුරුවරයන් මෙලෙස නැවත නැවත එම ක්‍රියාවම සිදු කිරීම අනාගත ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය පිලිබඳ ඇති කරන්නේ වික්ෂිප්ත චිත්‍රයකි.

අසාර්ථක ආරම්භයක් සමග ගොඩනැගුනු ශ්‍රී ලංකා කණ්ඩායම චාමර කපුගෙදර හා සිරිවර්ධන යම් ප්‍රමාණයකට ගොඩනගද්දී ඔවුන්ගේ දැවී යාමෙන් අනතුරුව වසරකට පමණ පසු තම ප්‍රහාරාත්මක පිතිහරඹ විලාශයට ප්‍රවිෂ්ට වෙමින් ඉන්දියානුවන්ට දවන්ත අභියෝගයක් වෙමින් සිටි අවස්ථාවක මහේන්ද්‍රසිං  දෝනිගේ ස්ටම්ප් කිරීම දෙවරක් නොසිතාම විනිසුරුවරයා ලබා දුන් දුර්වල තීරණය නොවන්නට තරයේ ප්‍රතිපල වෙනස් වන්නට බොහෝ ඉඩ තිබුණි.

එවැනි අවස්තාවක තෙවෙනි විනිසුරු වෙත යොමුකොට තීරණ ගැනීමේ බලය විනිසුරුට ලබා දී තිබෙන්නේත් විනුසුරුගේ හිස මත පවා කාමර ස්ථාන ගතකොට තිබෙන්නේත් මිනිස් ඇසින් ගන්නා වැරදි තීරණ අවම කොට ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමටයි.

තාක්ෂනය උපරිම අන්දමෙන් භාවිතා කරන ක්‍රීඩාවක් තුල මෙවැනි හදිසි දුර්වල විනිසුරු තීරණ අඩුව තිබියදී ඇත පුච්චා ගන්නවායැයි යන සිංහල ආප්තොපදේශයට උදාහරණයක් ලෙස සිහිපත් කල හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!