අතරමං වූ අල්ලස් අධ්‍යක්ෂ ජනරාල් වරිය

 DSC0847

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි ගොනු 1600ක් පමණ ආතර් තමන් අතරමන් වී සිටින බව  කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කියා සිටී.

මාධ්‍ය හමුව පැවැත්වුනේ දුෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රමාණවත් ලෙස ක්‍රියාකාරී නොවන බව චෝදනා එල්ල වෙන අවස්ථාවකයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි යට ගසා ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇය කීවේ ඒවා යට ගසා නැති බවයි.

වැඩ බාර ගන්නා අවස්ථාව වන විට කාර්යාලයයේ ගොඩ ගැසී තිබූ පැමිණිලිගොනු වලින් දින හයක් ඇතුළත ගොනු 427ක් පරීක්ෂා කර අවශ්‍ය අංශ වෙත යොමු කළ බව ද ඇය කීවාය.

2015 ජනවාරියේ සිට මේ වන විට පැමිණිලි 521ක් ලැබී ඇති බවත්, ඒ අතර විදුහල්පතිවරුනට එරෙහි පැමිණිලි 31ක් ඇති බවත් ඒවා කඩිනමින් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යනු තමාගේ දෙවැනි නිවස බවත්, මුලින් තමන්ගේ ගෙදර පිරිසුව තබාගෙන පසුව අනෙත් ගෙවල් පිරිසිදුදැයි බැලිය යුතු නිසා කොමිසමේ නිලධාරියකුට එරෙහිව චෝදනා ඇත්නම් 077 60 11 954 අංකයට දැනුම් දෙන ලෙසත් පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙනත් අයට ඇති පැමිණිලි සම්බන්ධයෙන් එම අංකයට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටියාය.

විමර්ශන අංශයේ නිලධාරීන් 49 දෙනකුගේ පුරප්පාඩු ඇතැයි ද කියැවිණි.

අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විමසද්දී ඇය කීවේ ඒ ගැන තමා නොදන්නා බවයි.මෙය සාධාරණ පිළිතුරක්ද යන්න ප්‍රශ්නයකි.

මාධ්‍යවේදියෙක් – දේශපාලනඥයන් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කරන්නේ මන්දගාමීව නේද?

අධ්‍යක්ෂ ජනරාල් – නැහැ. එහෙම දෙයක් නෑ

මාධ්‍යවේදියෙක් – දැනට විමර්ශන පවත්වන දේශපාලනඥයන් කවුද?

අධ්‍යක්ෂ ජනරාල්වරිය – ඔවුන්ගේ රහස්‍ය භාවය රකින්න අප බැඳී සිටිනවා. නඩු පැවරූ පසු ප්‍රකාශ කළ හැකියි.

මාධ්‍යවේදියෙක් – ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එල්ල වුණු චෝදනා ගැන අධිකරණයට වාර්තා කරන්නට පෙර කොමිසමේ සභාපති මාධ්‍යයට ලබා දුන්නා නේද? ඇයි ඔබට බැරි?

අධ්‍යක්ෂ ජනරාල් – ඔහු එසේ ලබා දුන්නාදැයි මා දන්නේ නෑ. ඒත් මට බෑ ඒ නීතිය කඩන්න.

අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවේ ප්‍රබල අභියෝගයක් ඇති බව සත්‍යකි.එසේම ඇය පෙන්වා දුන් පරිදි දේශපාලඥයින් පමණක් නොව   දරුවන් පාසැල් වලට දමා ගැනීමේදී අල්ලස්

ගන්නා විදුහල්පතිවරුන් වැනි අයගේ ක්‍රියාකාරකම් ගැන හොයා බැලීමත් වැදගත්ය.නමුත් අයගේ ප්‍රවේශය ප්‍රධාන වශයෙන්ම හොර අල්ලාගෙන ආවොත් අපි බලාගන්නම් යන්නයි. දැනට සැක හිතෙන හොරු ගණන විශාල හෙයින් මේ වැඩ පිළිවෙළ අදාලය.එහෙත් මේ තුලින් දිගුකලීනව දුෂණ පිටු දැකිය හැකිද යන්න ප්‍රශ්නයකි. මන්දයත් මේ කියන

හොරුන් අල්ලා ගැනීමේ හයියක් ඒ දුෂණයට ගොදුරු වන පිරිස් වලට තිබෙන්නේ කලාතුරකිනි.අනෙක් අතට මේ හොරු සංවිධානත්මකය.එහෙයින් හොරා-පොලිස් ක්‍රමයට දුෂණය මැඩලීමෙන් ලබාගත හැකි ප්‍රතිපලය සීමිතය.

DSC078DIL

දුෂණය පිටු දැකීමට

දිගුකාලීනව දුෂණය පිටු දැකිය හැක්කේ දුෂණ විරෝධි සංස්කෘතියක්  ගොඩනැගීමෙන් පමණි. ඒ සදහා අල්ලස් කොම්සම ඉදිරියට ගොස් ප්‍රකාශ කියවීම ප්‍රයෝජන  වූවත් එපමණක්

නොසෑහේ.පලමු කොටම දුෂණය අල්ලස වැරදි බව සමාජ සම්මුතියක් තිබිය යුතුය.එවිට මහින්ද මහත්තයා රට බේරාගත්තා ඒ නිසා දුෂණ ගැන ප්‍රශ්න කරන එක වැරදි වැනි සිතුවිලි වලට ඉඩක් නොලැබේ කොමිස් ගහලා තියෙන හැටියට බෙලිඅත්තට රත්රනින් රේල් පාරක් දමන්න තිබුනා කිය පැවසූ චම්පික රණවක ඇමතිවරයාට  දැන් ඒ තොරතුරු ඉදිරිපත් කිරීමට අභියෝග කළ යුතුය.සරත් ෆොන්සේකා සහ ඔහුගේ බෑණා වන දනුක තිලකරත්න සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න නිසි ක්‍රියාමාර්ග ඇතුලත විසඳාගන්නවා හැරෙන්නට ඩීල් තුල විසඳා ගැනීමට ඉඩ ටිය යුතු නැත.

අල්ලස සහ  දුෂණය යනු තනි ක්‍රියාවක් නොව සංකීර්ණ සමාජ ක්‍රියාදාමයක් තුල සිදුවන්නක් බව වත ගත යුතුය.මේ ක්ර්යාදාමය අධ්‍යනය කොට ක්‍රියාදාමය සහ මර්මස්ථාන හදුනා ගැනීම සඳහා වහාම ජනාධිපති කොමිසමක් පත් කල යුතුය.

දුෂණයේ මර්මස්ථාන සේ හඳුනාගෙන ඇති රාජ්‍ය ආයතන වල  නිතරවැටලීම් සිදු කළ යුතු අතර සුපරීක්ෂණ වැඩපිළිවෙලක් දියත් කළ යුතුව ඇත.අල්ලස සහ දුෂණය ඉතා පිළිකුල්කටයුත්තක් බව සමාජය දැනුවත් කළ යුතුය.

මේ ආකාරයට බහුවිධ ක්‍රියාමාර්ග ගනිමින් දුෂණය සහ අල්ලස මැඩලීමට පියවර ගත්තේ නැති නම් ඒ නිලධාරීන් පිළිබඳව ෆයිල් ගොඩක් තුල අතරමංවීම වලක්වා ලිය නොහැක.

 

new director general of bribery baffled with the number of complaints

[vsw id=”/o7lPaxpifnk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.