අතීතය අමතක කොට ලෝක කුසලානයට සුදානම් වෙමු-සනත්

Sri-Lanka-Cricket-board-300x188

කුමාර් සංගක්කාර කළ ඉල්ලීමකට ක්ෂණික ප්‍රතිචාරයක් පළ කරනු වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ ලොකු තැනටම ගෙන ගියා” යැයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත්ජයසූරිය කියා සිටී.

2013 චැම්පියන්ස් ලීග් තරඟාවලිය සඳහා තමා සංගක්කාරව නිදහස් කළ බවත්, ඒ පිළිබඳව තමාට ඉහළින් සිටින ‍අයට ඊමේල් යැවූ බවත්, එහෙත් ඔවුන් තමාගේ ඊමේල් පසෙක දමා සාකච්ඡාකොට ඔවුනට අවැසි තීන්දු ගෙන ඇති බවත් ජයසූරිය මහතා පැවසීය.

ඔහු මේ බව පවසන්නේ මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන 2013 වසරේ චැම්පියන්ස්‌ ලීග් තරඟාවලියේදී තමන් තෝරාගත යුත්තේ “මුදල්ද” නොඑසේනම් “රටද” යන ප්‍රශ්නය මතුකරමින් තමන් වැරදිකරුවකු ලෙසින් හුවාදැක්වීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ක්‍රිකට්‌ ආයතන ලේකම් නිශාන්ත රණතුංග උත්සාහ කළ බවට කුමාර් සංගක්‌කාර ඊමේල් පණිවුඩයක් හරහා කරන දල හෙළිදරව්ව සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.

එහිදී ජයසූරිය මහතා වැඩිදුරටත් පවසන්නේ “කුමා ට ඕන වුණා මගේ ඊමේල් එකේ කොපියක්. නමුත් ඒ ඒක අරගෙන මාධ්‍ය එක්ක කතා කරන්න නෙවේ. ඩොකියුමන්ට් එකක් විදිහටයි ඔහුට එය ඕන වුණේ. කුමා කීවෙත් සනත් අයියේ මේක මට ඩොකියුමන්ට් එකක් විදිහට දෙන්න කියලයි. මමත් ක්‍රිකට් ආයතනයට කීවා ඒක කුමාට දෙන්න කියලා. ඒකයි විය යුත්තේ. නමුත් ශ්‍රී ලංකාක්‍රිකට් ආයතනය නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ ලොකු තැනටම ගෙන ගියා. ඒ ඊමේල් එක ක්‍රිකට් ආයතනයට විධායක කමිටුව අතට ගියා. එහෙමයි මේක මාධ්‍යට පිට වුනේ. අන්තිමේදී වුනේ නොවිය යුත්තක්. කුමාවත් ඒහෙම බලාපොරොත්තු වුණේ නැහැ. කොහොම වෙතත් ඒ සියල්ල දැන් ඉතිහාසයට ගිහින් ඉවරයි. ඒවා අමතක කරලා ලෝක කුසලානයට යාමයි අපි දැන් කළ යුත්තේ.” යනුවෙනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.