අදිසි ඇමතිවරයෙක් මතු වෙයි

Shadow Manවිධායක ජනාධිපති ධූරය දිගටම පවත්වාගෙන යෑමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පසුගිය අඟහරුවාදා පැවැති සතිපතා හමුවේදී ඒකමතිකව තීරණය කර ඇතැයි අද(09) ලංකාදීප දිනපතා පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කියන අදිසි ඇමතිවරයෙක් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය හරහා මතු වී සිටී

මොහු ශ්‍රීලනිපයේ මෙන්ම එජනිසයේ නායක ඇමැතිවරයෙකු බවයි ලංකා ඊ නිව්ස් පවසන්නේ. මේ තරම් බැරෑරුම් පුවතක් අදිසි ඇමතිවරයෙක් ප්‍රකාශ කරන්නේ මන්ද යන කුතුහලය ඇතිවී තිබෙන අතරවාරයේ ජනාධිපතිවරයා පෙරට තල්ලු කිරීමේ වැඩපිළිවෙල වේගයෙන් ක්‍රියාත්මක කිරීමට මෛත්‍රී ගේ කස කරුවන් ක්‍රියාත්මක වී සිටිති.

හෙට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්තමාභිවන්දන උත්සවය පැවැත්වේ. ඒ ඉංග්‍රීසින් විසින් රාජද්‍රෝහීලැයිස්තුවට එක් කළ පිරිස නිදහස් කිරීමටයි. එහිදී තම අනාගත දේශපාලන අභිප්‍රායට රුකුල් දෙන කථාවක් පැවැත්වීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.