අද හෝ හෙට ප්‍රබල කැබිනට් මණ්ඩල වෙනසක්

Parliamentයහපාලන ආණ්‌ඩුවේ දෙවැනි අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය අද (21) හෝ හෙට (22) සිදු කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මුදල්, නීතිය හා සාමය, මහා මාර්ග, ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්‍ෂණ යන අමාත්‍යාංශවල වෙනස්‌වීම් සිදු කෙරෙන අතර ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් හුවමාරු වීමක්‌ මෙහිදී සිදු කෙරෙන බවද ප්‍රධාන පක්‍ෂ දෙක අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව කැබිනට්‌ සංශෝධනය සිදු කෙරෙන බවද සඳහන් වේ.

මෙම කැබිනට්‌ සංශෝධනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත සිදු කෙරේ.අද හෝ හෙට සිදුවන කැබිනට්‌ සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට ප්‍රබල ඇමැතිකම් ලැබීමට ඉඩ ඇති අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ඇමැති තනතුරු අහිමිවීමේ අවධානමක්ද ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.