අධ්‍යාපන ඇමති ගේ නම් වෙනස්කිරීම ප්‍රශ්න කෙරේ

 

 

images akila(70)

 

 

නව අධ්‍යාපන ඇමති අකිල ව්රාජ් කාරියවසම් ගේ  නම් වෙනස් කිරීමේ විහිළුව වහා නතර කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා  වහාම මැදිහත් විය යුතු බව මතයක් ගොඩ නැගෙමින් පවතී.

කාරියවසම්ට ප්‍රධාන ගැටළුව වී ඇත්තතේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නමයි.හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ නම වෙනස් කිරීමට යන බව කටකතා පැතිර යාමත් සමග උද්ගත වූ තත්වය  ගැටුම්කාරී තත්වයක් දක්වා  දුර ගොස් ඇත.

රට පුරා පාසල් ගණනාවක විවෘත කර තිබෙන ‘මහින්දෝදය විද්‍යාගාර ‘වලින් එම නාමය වහාම ඉවත් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එම ව්‍යාපෘතිය ලෝක බැංකු ආධාර යටතේ ක‍්‍රියාත්මක ව්‍යාපෘතියක් වන අතර ඒ සදහා දේශපාලඥයන්ගේ නම් යෙදීම සදාචාර සම්පන්න නොවන බව අමාත්‍යවරයාගේ අදහසයි.
අකිල විරාජ්ලා වැනි බෝනික්කන්

මේ පිළිබඳව අදහස් දැක්  වූ වයඹ පළාත් සභා මහ ඇමති දයාසිරි ජයසේකර කියා සිටීයේ අකිල විරාජ්ලා වැනි බෝනික්කන් මීට කලින් අධ්‍යාපන ඇමැතිකම් කලේ නැති බවයි.

‘අලූත් අධ්‍යාපන ඇමැති මහින්දෝදය නම වෙනස් කරනවාලූ. එහෙම කරනවා නම් කලින් ආපු ඞී.එස් සේනානායක, කන්නන්ගර, බණ්ඩාරනායක වගේ නම් පවා වෙනස් කරන්න වෙනවා. යැයි ජයසේකර මහතා පැවසීය.

මේ ආකාරයට  වෛකාරීව සහ පටු අන්දමින් කටයුතු සිදුවේ නම් යහපාලනය තම පරමාදර්ශය කොට ගත් ජනධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඒ පිළබඳව වගකීම භාර ගැනීමට සිදු වේ. කෙසේ වෙතත් නව අධ්‍යාපන ඇමතිවරයා ගේ ක්‍රියාකලාපය ගැන ගුරු සංගම් සහ දෙමාව්පියන් දැඩි අවධානයකින් සිටිය යුතු කාලයක් උදා වී ඇත.

මහින්ද රාජපක්ෂ විදුහල

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.