අධිකරණ අමාත්‍යවරිය තලතා බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම

thalatha-aනව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය හා නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී ඊයේ (25) ඔවුහු දිවුරුම් දුන්හ.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.

ගාමිණී ජයවික්‍රම පෙරේරා තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, හිටපු ආහාර සුරක්ෂිතතාව අමාත්‍යතුමන්ය. එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාවේ. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකි  .

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 1958 සිට 1960 දක්වා මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ඨ ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1960 දී ආනන්ද – නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. 1960 දී මෙතුමා කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ඨ ක්‍රිකට් පිලේ නායකත්වය දැරීය.  ප්‍රේමසර ඈපාසිංහ මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.