අනවසර ඉන්දීය ධීවරයින්ට වෙඩි තබනවා කියා රනිල් කළේ විහිළුවක්-චන්ද්‍රිකා

 

 

ranil_chandrika

 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ඩුබායිහි ජගත් අධ්‍යාපන හා කුසලතා සංවර්ධන සමුළුවට සහභාගි වෙමින් සිටියදී ඉන්දියාවේ ඩිජිටල් පුවත් ඒජන්සිය සමග (ඩී.එන්.ඒ) සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. ඉන්දීය ඩීඑන්ඒ පුවත් සේවයේ කාංචන් ශ්‍රිවස්තාවා එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීය.මමට ටික කලකට පෙර රනිල් සහ චන්ද්‍රිකා  ය දෙක නොරත රත ම විය.එහෙත් දැන් රනිල් ආරක්ෂා කිරීම සඳහා ඇයඉදිරිපත් වන්නේ කිසිදු පැකිලීමකින් තොරවය.

ප්‍රශ්නය- වීසා, රේගු හා තරුණ සංවර්ධනය සම්බන්ධයෙන් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා ගමනේදී අත්සන් කළ ගිවිසුම්වලින් ඉන්දු – ලංකා සබඳතාවල වෙනසක් ඇතිවේයැයි ඔබ සිතනවාද?

උත්තරය – යහපාලනයක් ඇති කිරීමේ උත්සාහයේදී ඉන්දියාව අප සමග යැයි යන හැඟීම පිළිබඳව නරේන්ද්‍ර මෝදිගේ ලංකා ගමනින් අපට ශක්තිමත් පණිවිඩයක් ලැබුණා.

ප්‍රශ්නය – නමුත් ‘වෙඩි තැබීමේ අයිතිය‘ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් වෙනත් පිවිසුමක දෝංකාරයක් ඇති කරනවා නේද?

උත්තරය – ඔහු කළේ විහිළුවක්. ඔහු කීදේ හරියට තේරුම් ගත්තේ නැහැ. මාධ්‍යවේදීන් ප්‍රශ්න අසමින් දිගටම ඔහුට හිරිහැර කළා. මගේ නිවසට අනවසරයෙන් අනවශ්‍ය පුද්ගලයකු ආවොත් ඔහු අනවසරයෙන් එහි ඇතුළුවූ පුද්ගලයකු බව සලකා වෙඩි තැබීමේ අයිතිය ඇති බවයි ඔහු කියා ඇත්තේ.

ප්‍රශ්නය – දීර්ඝ කාලයක් තිස්සේ පවතින දෙරට ධීවර අර්බුදය විසඳා ගන්නට බැරි හේතුව කුමක්ද?

උත්තරය – ඉන්දියා ධීවරයන් නීති විරෝධී ධීවර ක්‍රම අනුගමනය කරනවා. මසුන් මැරීමට ඩයිනමයිට් දමනවා. එය පිළිගත නොහැකි දෙයක්. එමගින් අපේ පැත්තේ සමුද්‍ර ජීවීන් වැනසෙනවා. එය ශ්‍රී ලංකා ධීවරයාට දරාගත නොහැකි දෙයක්. මා දන්නේ නැහැ ඒ ක්‍රමයට ඉන්දියාව අවසරය දෙනවාද කියා. ශ්‍රී ලංකාව නම් එය තහනම් කරලයි තිබෙන්නේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව දෙවරක් ඡන්දය දුන්නා. ශ්‍රී ලංකාවේ නව රජය ඉන්දියාවේ ඒ ස්ථාවරය දකින්නේ කෙසේද?

උත්තරය – බොහෝ රටවල් අපට විරුද්ධව ඡන්දය දුන්නා. ඊට සාධාරණ හේතුවකුත් තිබුණා. දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් පුවත්පත් නිදහස හා සිංහලයන්ගේ මානව අයිතිවාසිකම් ගැන පසුගිය රජය දඩබ්බර විදියටයි ක්‍රියා කළේ. ඒ රටවල් දැන් නව රජය සමග නම්‍යශීලී ලෙස ක්‍රියා කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව හය මාසයකින් කල් දැමුවා. අන්තර්ජාතික ප්‍රජාවේ සහායෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට අපට ඉඩ කඩ ලැබෙනවා. චීනය සමග ශ්‍රී ලංකාවේ වර්ධනයවන සමීපතාවය ඉන්දියාවේ කනස්සල්ලට හේතුවක්.

ප්‍රශ්නය – සිරිසේන රජය විදේශ ප්‍රතිපත්තිය වෙනසක් කරයිද?

උත්තරය – සියලු ආයෝජන යෝජනා ක්‍රම සියල්ලම හිටපු රාජපක්ෂ රජයෙන් චීනයට දුන්නා. අපේ ආණ්ඩුව පක්ෂ දෙකක හවුලක්. අප විශ්වාස කරන්නේ නොබැඳුණු පිළිවෙතයි. අසල්වැසියන් සමග ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීමයි. කොපමණ මිත්‍ර වුවත් කිසිම රටකට අප ගසා කෑමට ඉඩදෙන්නේ නෑ.

ප්‍රශ්නය – සාමාන්‍ය ශ්‍රී ලාංකිකයා ඉන්දියාව ගැන සිතන්නේ කොහොමද?

උත්තරය – ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතාවලට වසර 3000 ක අතීතයක් තිබෙනවා. අපේ රටේ බොහෝ දෙනා ඉන්දියාවට ලැදියි. ගෞරවයකුත් තිබෙනවා. ඒ වගේම බියකුත් තිබෙනවා. අතීතයේදී දකුණු ඉන්දියා රජවරු 52වාරයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර තිබෙනවා. ආක්‍රමණිකයන් අපේ වාරි මාර්ග ක්‍රම වනසා දැමුවා. එයින් හැමතැනම ගංවතුර ඇතිවුණා. ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන්ට අකමැති බව අපේ මිනිසුන් දුටුවා. මෑතක් වනතුරුම ඒ මතය තිබුණා. ඒ හැඟීම් තිබුණා. ඉන්දිරා ගාන්ධි බොහොම අඥාන ලෙස ක්‍රියා කළා.ඇගෙන් පසුව බලයට පත් ඉන්දියාවේ හැම රජයක්ම සබඳතා සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට උත්සාහ කළා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.