අන්තවාදී බොදු බලය රාජ්‍යයට තර්ජනයක්… ෆවුසි පාර්ලිමේන්තුවේදී කියයි.

බොදුබල සේනා සංවිධානය සිදු කරන තර්ජනයන්ගෙන් රජයට මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යයටත් විශාල තර්ජනයක් බව ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය ඇමති ඒ.එච්.එම්. ෆවුසි පාර්ලිමේන්තුවේදි අද (08) ප්‍රකාශ කළේය.
අන්තවාදිව කටයුතු කරන මෙවැනි සංවිධාන නිසා රටතුළ විශාල අර්බුදයක් ඇතිවන බවද ඇමතිවරයා කීවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.
‘‘සුළු ජාතින්ට මෙරට අයිති නැහැ කියනවා. ඒ අය කොහෝ යන්නද? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ජනතාව අතීතයේ පටන් මේ රටේ ජිවත්වුනු ජනතාවක්. අපටග් ආගමට කරන හිරිහැර නැවැත්විය යුතුයි. ආරක්ෂක හමුදා විසින් අපේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඕනා.
වැරදි කරන අයට දඩුවම් පමුණුවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. අන්තවාදය හරහා රටතුළ බරපතල ගැටළු ඇති වෙන්න පුළුවන්. ජනතාව අතර ප්‍රමුඛත්වය අපි නතර කළ යුතුයි.

.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!