අනුරගෙන් පස් මහා අභියෝග 

ANURA-10

ඩේලි මිරර් වෙබ් අඩවිය  සමග  සංවාදයකට එක්වූ ජන තා  විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ  රටේ ඉහළම ධනවතුන්  සීයට විසි දෙනා ජාතික ධනයෙන් සීයට පනස් පහක්  පමණ

පරිභෝජනය  කරන  බවත් මේ ආර්ථික අසමානතාව  හමුවේ ප්‍රජාතන්ත්‍ර වාදය ස්ථාපිත කළ නොහැකි බවත්ය.

වෙනස්වන  ලෝකයේ  සංකීර්නතා තේරුම් ගෙන ඒ අනුව නිෂ්පාදනය කරන ආර්ථිකයක්   ගොඩ නගා  ජාතික ධනයක් ගොඩනගා  ගත යුතු බවත් එම ධනය සාධාරණ ලෙස බෙදා හරින සමාජ ක්‍රමයක් ගොඩ නගා ගැනීම  සඳහා  කතිරය ගැසීමෙන්  අනතුරුව ඊට එහා යන  වැඩ  පිළිවෙලකට ඡන්දදායකයින්  එක විය යුතු බව අනුර කුමාර දිසානායක කියා සිටියේය.

මේ මොහොතේදී ක්ෂණිකව   අවධානය  යොමු කල යුතු අභියෝග  පහක්  පිළිබඳව  ජනතා  විමුක්ති පෙරමුණේ නායකයා  තම  අවධානය  යොමු කළේය.

(1 )ආර්ථිකයේ  බිඳවැටීම ට පිළියම් යොදා දැඩි ආදායම් විෂමතාව තුරන් කල යුතුය.

(2) ප්‍රාජාතන්ත්‍රවාදය මුහු ණ  දී තිබෙන ගැටළු විසඳිය යුතුය.

(3)සියළු ජාතීන්  අතර සමගිය තහවුරු කළ  යුතුය.

(4) වංචාව  දුෂණය තුරන් කොට යහ පාලනය  ඇති කළ යුතුය.

(5)ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වීමේ අනතුර ඉවත් කරගෙන වෙනස් වෙන   ලෝකය සමග ගමන් කළ යුතුය.

 

[vsw id=”/3hRRJ5dLMzo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.