අනුර වන් චාන්ස් ඉල්ලයි

Anura Kumara Dissanayakaමේ වන විට දේශපාලන වශයෙන් තරමක් දුරට අස්ථානගතව සිටින ජනතා විමුක්ති පෙරමුණ තමන්ට එකම එක අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අවුරුදු 67කට ආසන්න කාලයක් වරින් වර මේ රට පාලනය කරමින් අවසානයේ දැවැන්ත ණය උගුලක රට හිර කර ඇති බවත් මොවුන් දෙගොල්ලන්ම ගමන් කරමින් තිබෙන්නේ එකම ආර්ථික ප්‍රතිපත්තියක බැවින් මින් ඉදිරියට මේ රට ගොඩනැගීමට මොවුන්ට ආර්ථික දැක්මක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ගැටළුව වන්නේ මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකේ වැඩපිළිවෙලට අනුගත වී සිටින ජනතා විමුක්ති පෙරමුණට විකල්ප වැඩපි ළිවෙලක් තිබේද යන්නයි.

ණය උගුලෙන් රට බේරාගැනීමට ජවිපෙට හැකි බවත් ඒ සඳහා එක් අවස්ථාවක් ජවිපෙ ප්‍රමුඛ කඳවුරට බලය ලබාදෙන්නේනම් රට මේ ණය උගුලෙන් බේරා ගන්නා බවත් අනුර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (24) ආරම්භ කළ කුරුණෑගල දිස්ත්‍රික් මෙහෙයුමට සමගාමීව ඊයේ හෙට්ටිපොළ ඉවැන්ඩ්‍රා උත්සව ශාලාවේ පැවති ජන හමුවකදීය.

ජනතා ආකර්ෂණය
ජනතා විමුක්ති පෙරමුණට ජනතා ආකර්ෂණය හීන වී ඇති බව එහි නායකයා පිළිගනී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…

“අපි තමුන්නාන්සේලා හමුවෙන්න ආවේ. දැන් ඡන්දයක් තියෙන වෙලාවක් නෙවෙයි. ඡන්දෙ තියන්න ඕන කාලයත් පැනලා තියෙන්නේ. හැබැයි ඡන්දයක් තියෙන වෙලාවක් නෙවෙයි. මොකද ඡන්දයක් තියෙන වෙලාවකට අපි ආවහම ශ්‍රී ලංකා අය නිල් කොඩිය අතේ අරගෙන ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයට හිතවත් අය කොළ තොප්පිය ඔළුවේ දාගෙන ඉන්නේ. ඒ නිසා ඒ වෙලාවට අපි මොනව කිව්වත්, මොනදෙයක් කතා බහ කළත් වැඩිපුර සවන් දෙන්නේ ශ්‍රී ලංකා කාරය ශ්‍රී ලංකා විදිහටත් යූ.එන්.පී කාරය යූ.එන්.පී කාරයා විදිහටත්. ඒක නිසා ටිකක් කරුණක් දෙකක් හොඳින් පැහැදිලි කරලා ධාරණය කරන්න අමාරුවක් තියෙනවා යැයි ඔහු පැවසීය.
රනිල් වෙනුවට මහින්ද ගෙනල්ල, මහින්ද වෙනුවට රනිල් ගෙනල්ල, ඒ වෙනුවට චන්ද්‍රිකා ගෙනල්ල, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දෝණිඇන්දලා පුතන්ඩියලා ගෙනල්ලා මේකට උත්තරයක් තියෙනවද? යැයි ඔහු ප්‍රශ්න කරයි.

ප්‍රශ්නයවන්නේ අනුර ගෙනාවිට ගැටළුව විසඳේද යන්නයි. සියල්ල විවේචනය කළ පමණින් ඡන්දය ලැබෙන්නේ මැති බව ජවිපෙ විසින් වටහ ගත යුතුව ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.