අනෝමා ෆොන්සේකා ඉවත් කීරීමට යෝජනාවක්

anoma-fonsekaහිටපු යුද හමුදාපති හා වර්තමාන අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා සිදුකළ ‍ප්‍රකාශයට විරෝධය පළකරමින් තමන් රණවිරු සේවා අධිකාරියේ පල්ලේපොල රණවිරු සංසදයේ සභාපති ධුරයෙන් ඉවත් වෙන බව එම සංසදයේ සභාපති ඩබ්ලිව්. ඒ . ජී .සරත් ගුණවර්ධන මහතා කියයි.

සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය රණවිරුවන්ට සිදුකළ මහත් අපහාසයක් බවත් එවැනි අපහාසකරන පුද්ගලයකුගේ බිරිඳ සිටින රණවිරු සංසදයක තවදුරටත් නිලතල දැරීමට නොහැකි බවත් ඒ මහතා පවසයි. ගුණවර්ධන මහතා හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේදී ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

“රටපුරා පවතින රණවිරු සංසදයේ ඉහළ තනතුරු දරන නිලධාරීන්ට මෙම ප්‍රකාශය හෙළා දකිමින් ඉවත් වී රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ලෙස කටයුතු කරන අනෝමා ෆොන්සේකා මහත්මිය ඉවත් කරන ලෙස බලපෑම් කරන්න.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම වර්තමාන යුද හමුදාපතිවරයාගේ බිරිඳ රණවිරු අධිකාරියේ සභාපතිත්වයට පැමිණිය යුතු බවත් ඇය සමඟ ඉතා ශක්තිමත්ව රණවිරු අධිකාරිය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවත් ඒ මහතා කියයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!