අපි ඔහොම යං මචන්-යහ පාලන දීගය

ranil-mythriකැබිනට් සංශෝධනය කල් දමා ඇති අතර හැකිතාක් දුරට පළාත් පාලන මැතිවරණයට පෙර පැවති තත්වය පවත්වා තම බලය තහවුරු කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ ක්‍රමෝපාය වේ. ලබන සතියේ කැබිනට් වෙනස සිදුවුවත් තීරණාත්මක වෙනස්කම් සිදුවේද යන ප්‍රශ්නය මතු වේ තිබේ.

යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා එකඟතාවය පළකර ඇතත් රනිල් වික්‍රමසිංහ ගේ කකුලෙන් ඇදීමේ ක්‍රියාවලිය තදුරටත් ක්‍රියාත්මකයි. පාසැල් ළමුන් සඳහා ටැබ් ලබා දීම නතර කිරීමට අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපතිවරයා විසින් අත් හිටුවා ඇත.

අගමැතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණයේ අර්ථ නිරූපණය විමසීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබන සිකුරාදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත වේ. කැබිනට් සංශෝධනය ඉන් අනතුරුව සිදු විය හැකිය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින්, ඕනෑම මොහොතක අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපති සතුව තිබූ බලය කප්පාදු කළ අතර ඒ අනුව අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට ලබා දී තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත අවශ්‍ය වන අතර වත්මන් පාර්ලිමේන්තුව තුළ එවැනි තත්වයක් ඇතිවීමට තිබෙන්නේ අවම ඉඩකි. එහෙයින් කැබිනට් මණ්ඩලය අළුතින් පත් කොට අගමැතිවරයා වෙනස් කිරීමට ජනාධිපතිවරයාට කටයුතු කළ හැකිය. එහෙත් එසේ කළහොත් ජනධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති ප්‍රහාරයට මුහුණ දීමට සිදුවෙනු ඇත .එ ප්‍රති ප්‍රහාරය දෝෂාභියෝගයක් වීමට ඉඩ ඇත.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ අවස්ථාවේ මැතිවරණයකට ගොස් හොට බිම ඇන ගන්නට සුදානම් නැත.එහෙයින් අපි ඔහොම යං මචන් තියරිය ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.සෙස්ස මල් වෙඩිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.