අපි බල්ලෝ මැරුවේ නැහැ – මොරටු උප කුලපති

killing of dogsමොරටුව විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ සිටියදී අල්ලා ගත් බල්ලන් සහ පූසන් 40 දෙනෙකු පමණ සිහිසුන් කොට අල්ලා ගෙන එම විශ්ව විද්‍යාලයට අයත් හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක පන පිටින් වල දමා තිබීයදී සොයා ගැනිමට හැකි වූ බව ‘‘සත්ව අයිතීන් සුරකීමේ බලකායේ’’ සභාපති අමිල විජේරත්න මහතා පවසයි

 

උප කුලපති මහාචාර්ය ඒ කේ ඩබ්ලිව් ජයවර්ධන පවසන්නේ තමන් බල්ලන් ගේ මරන සම්බන්ධයෙන් වගකිවයුතු නැති බවයි. කෙසේ වෙතත් නිර්විදන මාත්‍රාව වැරදීයාම නිසා මෙම මරණ සිදුවී ඇති බව උප කුලපතිවරයා පිළිගනී. නිර්විදන මාත්‍රාව තීරණය කොට ඇත්තේ රක්නාලංකා ආරක්ෂකයින්ය.

සතුන් කුණු වී දුගඳ

මොරටුව විශ්ව විද්‍යාලයේ සිටින සුනඛයින්ට සහ බළලුන්ට සිහිසුන් කෙරෙන එන්නත් විඳ රැගෙන යන බවට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ලැබුණු පැමිණිලි මත තම සංවිධානය සහ ‘‘රේ ඔෆ් හෝප් ’’ සත්ව සංවිධානය එක්ව සිදු කල විමර්ශණයකින් පසු මෙම සතුන් මරා දමා තිබූ ස්ථානය සොයා ගැනීමට හැකි වූ බව ‘‘සත්ව අයිතීන් සුරකීමේ බලකායේ’’ පවසයි.

මරා දමා සිටි සතුන් කුණු වී දුගඳ හැමීම හේතුවෙන් පිටිපන විශ්ව විද්‍යාල භූමියේ ආරක්ෂක නිළධාරීන් එක්ව එම සතුන් වල දමා තිබීයදී සොයා ගැනීමට හැකි වූ බවද එම සංවිධානය පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.