අපේ අම්මා අත හරින්න – නාමල්

namalබැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා තම පවුලේ සාමාජිකයන් පසුපස පැමිණීම නතර කරන්නැයි  පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසන්නේ . රාජපක්ෂවරුන්ගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමට අවශ්‍ය නම් මගෙන් හා පියාගෙන් පළිගන්න. අපි ඒ සඳහා සූදානම්. නමුත් මගේ මව මෙන්ම මගේ සහෝදරයන් දෙදෙනා දේශපාලනයට සම්බන්ධ නෑ. ඔවුන්ගෙන් පළිගැනීම “යහපාලනය නොවෙයි“ යනුවෙනි.

රතු කුරුස සංවිධානයෙන් සිරිලිය පදනමට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.

namal

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.