අපේ ගිවිසුමට අනුව කටයුතු වෙනවා නම් හම්බන්තොට ව්‍යාපෘතියට සහාය දෙනවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

mahinda-rajapaksa-aතම ගිවිසුමේ ක්‍රමවේද අනුව හම්බන්තොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේනම් ඊට තමාගේ සහාය හිමිවෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (2දා) කියා සිටියේය. වැඩිදුරටත් කරුණු දැක්‌වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

හම්බන්තොට සම්බන්ධකරගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මා පිළිබඳව අමු බොරු බේගල් ප්‍රචාරය කරනවා. ඇයි මෙහෙම බොරු කියන්නේ? හම්බන්තොට විකුණන්න මගේ කිසිම අදහසක්‌ තිබුණේ නැහැ.

හම්බන්තොට මා ඉපදුනු පළාත. අපේ ක්‍රමවේද අනුව එම ගිවිසුම ක්‍රියාත්මක කරනවානම් මා ඊට සහාය දෙනවා.

මෙදා මැයි දිනයට ඒකාබද්ධ විපක්‍ෂයේ බලය අපි පෙන්නනවා. කොළඹට ලක්‍ෂ 1 1/2 කට වැඩි පිරිසක්‌ ගෙන්වනවා. මෙදා මැයි රැලියට අපිට ගාලු මුවදොර ලැබිලා තිබෙනවා. එදාට මා විශේෂ පණිවුඩයක්‌ නිකුත් කරනවා.

(දිවයින)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.