අපේ රගර් වසන්තය හමාරයි-නාමල්

 

NAMALGHIY

ම සොහොයුරු යෝෂිත රාජපක්ෂට හා රෝහිත රාජපක්ෂට දුරකථනයෙන් කතා කර රගර් පුහුණු සඳහා එක් නොවන ලෙසට දන්වා තිබෙන අතර ඒ සඳහා හේතුවක් ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටපු නායක නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.

ඒ අනුව සිය සොහොයුරන්ගේ මෙන්ම තමන්ගේද රගර් ක්‍රීඩා දිවිය අවසන් අදිරයට පැමිණ තිබෙන බව සිය බ්ලොග් අඩවියට සටහනක් තබමින් නාමල් රජපක්ෂ සඳහන් කර ඇත.

අවුරුද් 06 දී රගර් ක්‍රීඩාවට තමා පැමිණි බවත් තමා ඇතුළු සහෝදරයන් දෙදෙනා වඩාත් ඇළුම් කළ ක්‍රීඩාවෙන් දේශපාලනය නිසා සමු ගැනීමට සිදු ව ඇති බවත් හෙතෙම සඳහන් කර ඇත.

ජනවාරි මුල පැවැති මැතිවරණයෙන් පසුව පළිගන්නා දේශපාලනය ක්‍රීඩාවට පැමිණ ඇති අතර ක්‍රීඩාවේ ගරුත්වය දේශපාලන ගැටුමක් හේතුවෙන් පළුදු වීමට ඉඩ නොදෙමින් ඉල්ලීම්වලට ගරුකරමින් සහ එය ප්‍රශ්න නොකර එකී තීරණය ගත් බවත් සඳහන් කර ඇත.

සමහරුන්ට දේශපාලනයේ කොටසක් වූ රගර් ක්‍රීඩාව අපට ආදරය කළ ක්‍රීඩාවක් පමණක් වූ බවත් නාමල් රාජපක්ෂ එහි සඳහන් කර ඇත. එසේම සහෝදරයන් වෙනුවෙන් මෙන්ම තමන් වෙනුවෙන් සිය රගර් ක්‍රීඩා දිවිය තුළ සහය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් නාමල් රාජපක්ෂ සිය බ්ලොග් අඩවියේ තැබූ සටහනට එකතු කර තිබේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.