අමරදේවයන් ගේ අසාර්ථතකම ගෝලයා – රනිල්

bad-studentඅමරදේව ගේ අසාර්ථතකම ගෝලයන්  අතර මුල් තැනක් තමට හිමි බව අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටී. මා රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ උගනිමින් සිටියදී, එවකට විදුහල්පති එච්.ඩී. සුගතපාල මහත්මාගේ මඟපෙන්වීම යටතේ සංගීත විෂය ධාරාව උගැන්වීම සඳහා අමරදේව මාස්ටර් පැමිණි අතර, එතුමාගෙන් සංගීතය ඉගෙනීමේ දුලබ වරම මට ද හිමි විය. එතුමාගෙන් ගායනය ඉගෙනගත් අසාර්ථකම ගෝලයන් අතර මම ද වූයෙමි,”.

ලාංකේය සංගීත ක්ෂේත්‍රයට, ගීත කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් දැයෙන් සමුගත්තේ  සංගීත ක්ෂේත්‍රයේ යුගයක නිමාව සනිටුහන් කරමින්  බව අගමැතිවරයා පවසයි. ඩබ්. ඩී. අමරදේවයන්ගේ වියෝව පිළිබදව ශෝක පණිවියක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ ඉපිද මැරෙන, යළි ඉපදෙන අනියත ලෝ දහම පිළිබඳව ගීතයෙන් අප හදවත් මත ලියා තැබූ එතුමා නික්ම යන්නේ ඒ අනියත ලෝ දහමට හිස නමමින් වුව, ඒ නික්මයාමෙන් හිස්වන ඉඩ කිසිසේත් පුරවාලිය නොහැකි බව සිහිපත් කරනුයේ මහත් සංවේගයෙනි,” යනුවෙන්අගමැතිවරයා පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.