අමරවීර ගෝඨාභය මිතුරු කර ගැනීමට උත්සාහ කරයි

amaraweeraහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාසයක් ඇතුලත අත්අඩංගුවට ගන්නා බව තමන් ප‍්‍රකාශ නොකල බවයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති හා මහවැලි සම්පත් රාජ්‍ය ඇමති මහින්ද අමරවීර ප‍්‍රකාශ කරන්නේ. තම නිවසේ මාධ්‍ය සාකච්ජාවක් කැදවූ මහින්ද අමරවීර කියා සිටියේ තමන් මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂගෙන් විමසූ විට ඔහු කියා සිටියේ රාජපක්ෂ පවුලේ වෙනත් අයෙකුට ලැබුනු තොරතුරක් මත තමන් අතඅඩංගුවට ගැනීම පිළිබඳ ප‍්‍රකාශයක් කල බවයි. මහින්ද අමරවීර කියා සිටියේ දැන් කල යුත්තේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂට සමාව දීම බවයි. මේ අය රට වෙනුවෙන් කල සේවය සැලකිල්ලට ගෙන මේ අයට සමාව දීම නිසා ජනතා විරෝධයක් පල නොවන බවයි මහින්ද අමරවීර කියා සිටින්නේ. මහින්ද අමරවීරගේ මේ ප‍්‍රකාශයත් සමගම රාජපක්ෂලාට දඩුවම් දිය යුතුය කියන ඇමතිවරු හා ඔහු අතර අළුත් ගැටුමක් නිර්මාණය වීමට ඉඩ තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.