අමිල හිමිට ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලයි

dambara-amila-himiපුජ්‍ය දඹර අමිල හිමියන් පවසන්නේ දැන් අවශ්‍ය තරම් නිදහස ඇති බවයි. උන් වහන්සේ එසේ පැවසුවේ මාතර පැවති “නිදහසේ වේදිකාව” විසින් සංවිධානය කරනු ලැබූ “ප්‍රජාතන්ත්‍රවාදයට සමු දෙමුද…? “මැයෙන් වූ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය මාතර, නුපේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වූ අවස්ථාවේදීය.

“පහුගිය කාලේ මම ජනාධිපතිතුමාව පට්ට ගැහුවා..හැබැයි එක කෝල් එකක් ආවේ නෑ….මොකද දැන් ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලනවා” – පූජ්‍ය දඹර අමිල හිමියන් පැවසුහ.

.පසුගිය කාලේ මම මෛත්‍රීපාල ජනාධිපතිවරයාව පට්ට විවේචනය කළා, නමුත් එක කෝල් එකක් අවේ නෑ තෝව මරණවා කියල. පොළොන්නරුවෙන් අවෙත් නෑ, රජ ගෙදරින් අවෙත් නෑ.අරලියගහ මන්දිරෙන් ආවෙත් නෑ, අඩුම තරමින් ප්‍රාදේශීය මංත්‍රී වරයෙක්ගෙන්වත් අවේ නෑ. එදා කිව්වනම්… සුදු වෑන් එකේ යන්නේ.. මොකද දැන් ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලනවා” යැයි දඹර අමිල හිමියන් වැඩි දුරටත් කියා සිටියහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.