අමුණුගම පොට වරද්දා ගනී

Sarath Amunugamaජනමාධ්‍ය නියාමනයට ගෙනෙන කවර පනතකින් වුව ජනමාධ්‍ය නිදහස වැඩි කරනවා මිස අඩු කරන්නේ නැතැයි ස්වාධීන මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පත්කළ ඇමැති කමිටුවේ සාමාජික විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ගලගෙදර වල්පොලදී අද (12) පැවැසීය

ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුව ගෙනෙන මාධ්‍ය නියාමනයට සිව් දිගින් විරෝධය පල වෙමින් තිබියදීය.

හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයකු හැටියට තමා සිතන්නේ ද ජනමාධ්‍යට හොඳ නිදහසක් තිබිය යුතු බව යැයි ද ඒකපාක්ෂික වාර්තාකරණයෙහි නිරත නොවීමට ද ඊට වගකීමක් ඇති බව අවධානයට ගත යුතු යැයි ද ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ මාධ්‍ය නියාමනය කීප දෙනෙකුගේ වුවමනාවට කළ කොළේ වසා ගැහිල්ලක් බව යුක්තිය පුවත්පතේ හිටපු කර්තෘ සුනන්ද දේශප්‍රිය පැවසුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.