අයවැයෙන් පසු ත්‍රී වීල් කුඩා කාර් මිළ ඉහළට – වෑන් පහළට

after budgetමුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර ලද බදු ප්‍රතිශෝධන වල ප්‍රතිපලයක් ලෙසින් කුඩා කාර් සහ ත්‍රී රෝද රථ මිළ ඉහළ ගොස් වෑන් මිළ පහල බසිනු ඇත.

වෑන් මිළ මිලියන් තුනකින් පන පහත බසිනු ඇත. වාහන ආනයනය කරන්නන් ගේ සංගමයේ සභාපති දිනේෂ් සේනානායක පැවසුවේ නිසාන් ලීෆ් විදුලි කර එකක් ලක්ෂ පහකින් පමණ අඩූ විය හැකි බවයි.

අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී මුදල් ඇමති රවි කරුණානායක පැවසුවේ කිලෝවොට් 99 ට අඩු වාහන සඳහා සියයට 40 කින් අඩු කරන බව කියා සිටියේය.

වාහන ආනයනය කරන්නන් ගේ සංගමයේ සභාපති දිනේෂ් සේනානායක පවසන පරිදි ඩීසල් ටොයටා හයි ඒස් වාහනයක් ලක්ෂ තිහකින් අඩුවෙන අතර පෙට්රල් වෑන් රථයක් ලක්ෂ පහළොවකින් පමණ අඩුවෙනු ඇත.

මේ අඩු කිරීම හේතුවෙන් වෑන් ආනයනය විශාලා වශයෙන් ඉහළ යාමට ඉඩ තිබෙන බව වාහන ආනයනය කරන්නන් ගේ සංගමයේ සභාපති වරයා පැවසුවේය.

එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන සඳහා වැඩිවෙන සෑම කියුබික් සෙන්ටිමීටරයක් (cc)සඳහාම රුපියල් 250 ක් වැඩි කොට ඇත.

මේ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි වැනි වාහනයක් මිළ ලක්ෂ දෙකකින් පමණ වැඩිවිය යුතු නමුත් අයවැයට පෙර මෙවැනි වාහන සඳහා පිලා අඩු කිරීමක් කල හෙයින් සාපේක්ෂව මිළ ස්ථාවර මට්ටමක පැවතිය හැකිය. කෙසේ වෙතත් ජපානයෙන් ආනයන කරනු ලබන වාහන මිළ වැඩිවීමට ඉඩ ඇත.

ඩීසල් සහ පෙට්රල් ත්‍රී රෝද රථයක මිළ රුපියල් 50,000 කින් පමණ වැඩි විය හැකිය.විදුලි යෙන් බල ගැන්වෙන ත්‍රී රෝද රථ සඳහා සියයට පනහක බදු අඩු කිරීමක් ලැබෙනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!