අයහපත පරාජය කළ යුත්තේ යහපතිනි -ෆ්‍රැන්සිස් පාප් තුමන්

 

 

RDS_9244 (1)

 

ශ්‍රී ලංකා වාසීන් ඇමතු ෆ්‍රැන්සිස් පාප්තුමන් කොළඹදී කියා සිටියේ ලොව පුරා පතින් යුද්ධ දිගින් දිගට වේදනාව ගෙන් දෙනක් බවට පත්ව ඇති බවයි.

 

RDS_9199

යුද්ධයේ තුවාල සුවපත් කර ගැනීමට දරන උත්සාහය පහසු එකක් නොවන බව උන්වහන්සේ කියා සිටියහ.

බිදුණු විශ්වාසය සහ ගොදුරු වූ අසාධාරණයෙන් ජනිත් වූ වේදනාවෙන් ගැලවීම පහසු නොබව ෆ්‍රැන්සිස් පාප් තුමන් ප්‍රකාශ කළහ.

 

RDS_9352

යහපත විසින් අයහපත  ජයගැනීම ත්හුලින් පමණක් මේ වේදනාවෙන් ගැලවිය හැකි බව උන්වහන්සේ පැවසුහ.

මේ සන්හිඳියා වැඩපිළිවෙල තුල සත්‍ය සෙවීමක් සිදුවියයුත් බවත් එසේ කල යුත්තේ පරණ තුවාල යළිත් පෑරීමට නොව සාධරණත්වයට  ඉඩදී  සමගිය ගොඩ නැගීමට බවයි .

උන්වහන්සේ ප්‍රකාශ කළේ.

 

RDS_9388

 

ෆරාන්සිස් පාප් තුමන්  කටුනායක කොළඹ මග දෙපස රැස්වී සිටි  සිය දහස් ගණන් ජනයාට  ආසිරි පතමින්  කොළඹට සැපත් වු ගමන සොඳුරු එකක් විය.

වර්ණවත් ඇදුමින් සැරසුන අලි  ඇතුන් කටුනායක ගුවන් තොටුපළ අසල සිටි අතර පාප් තුමා වෙඩි නොවදින රියෙන් ගමන් කරද්දී කිතුනුවෝද බෞද්ධයෝද  දෑත් එකතු කර එතුමාට  ආචාර සමාචාර කළහ.

සුදු ඇදුමින් සැරැසුණූ පාසල් සිසුවෝ ශ්‍රී ලංකා ජාතික කොඩියද වතිකාන කොඩිය වනමින් ආචාර  කරද්දී දහස් ගණන් කිතුනුවන් දෑත අහසට ඔසවා දෙවියන්ට ස්තුති කළහ.

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.