අයියෝ සිරිසේන-මහින්ද සමරසිංහ කතා කරයි

mahindasamarasinha
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැන් කියන්න ඇත්තේ ‘අයියෝ සිරිසේන’ කියා බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

පැලවත්තේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේ පැවසූ බව මාධ්‍ය වාර්තා කල අතර පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය මල කිරීම සඳහා මෙහා පැත්තට පැනීමට සුදානමින් සිතන පිරිස අතරේ මහින්ද සමරසිංහ ගේ නමත් වාර්තා විය.

‘ජනාධිපතිතුමා ඡුන්දේ ඉල්ලන එකට කැමැත්ත ප‍්‍රකාශ කරල තමන්ගෙ අත උස්සල,එතුමා සමග එක මේසෙ වාඩිවෙලා බිත්තර ආප්පෙකුත් කාලා,පහුවෙනිදා අලූත් පත්වීම් 800තුත් ලැජ්ජ නැතිව බෙදා දීලා, පැයකට පස්සෙ මාධ්‍ය සාකච්ඡුාවක් තියලා පොදු අපේක්ෂකයා වුණ මෛත‍්‍රීපාල සිරිසේනට දැන් අපිට කියන්න තියෙන්නේ අයියෝ සිරිසේන කියල තමයි.

මොනව කළත්,කවුරු ආවත් මම ජනාධිපතිතුමා වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා. එතුමා වෙනුවෙන් මේ රට පුරා ගමක් ගමක් ගානේ ගිහින් ඡන්ද එකතුකරන්න මම තීරණය කළා. මම දන්නවා ඒක මට පුළුවන්. මොකද අපි කවදාවත් ජනතාවට බොරු කරල නෑ,වංචා කරල නෑ,අපේ දෑත් පිරිසිදුයි,ඒ නිසා අපි කියල දේවල් ජනතාව බාරගන්නවා

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.