අය – වැය තව දුරටත් සංශෝධනයට! ජනපති ශ්‍රී.ල.නි.ප.ඇමතිවරුන්ට සවන් දෙයි.

maithreeඅයවැය සම්බන්ධයෙන් පැන නැගී ඇති යම් යම් කාරණා පිළිබඳව කළ හැකි කාර්යයන් සිදු කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ඊයේ(17) රාත්‍රීයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ එම කාරණා පිළිබඳව සවන් දීමෙන් අනතුරුව අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා සමග නැවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කළ බවත් අහිතකර කාරණාවලින් කළ හැකි කාර්යයන් ඉවත් කර ගැනීමට එකගතාවය පළ කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඉදිරි දිනවලදී එම සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.