අරලියගහ මන්දිරයේ බල්ලන්ට රනිල් ගෙන් දිගටම ඉඩ

 

 

dog and man

 

අරලියගහ මන්දිරයේ තම නිල කාර්යාලයේ වැඩ ආරම්භ ගිය  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කාමරයෙන් කාමරයට පරීක්ෂා කරමින් යද්දී එක් කාමරයක්

විවෘත  කරත්ම එහි සිටි සුනඛයින් පිරිසක් අගමැතිවරයාට කඩා පැන තිබෙනවා.

 

අරලියගහ මන්දිරයේ සේවකයන් එම සුනඛයන් මෙල්ල කර නැවතත් කාමරයට දමා වසා තිබෙනවා. අගමැතිවරයා සේවකයන්ගෙන් අසා ඇත්තේ මෙම සැපට

හැදුණු සුනඛයන් කාගේද යන්නයි.

අරලියගහ මන්දිර සේවකයන් පවසා ඇත්තේ පසුගිය සිකුරාදා අළුයම හිටපු ජනාධිපතිවරයා හදිස්සියේ පිටවී ගිය නිසා ඔහුට වෙනත් වැදගත් වටිනා භාණ්ඩ ගෙන යාමට තිබුණ නිසා සුරතල් බල්ලන් පිළිබඳව අමතක වූ බවයි.

ජනාධිපතිවරයා හෝ ඔහුගේ පවුලේ උදවිය අමතා මෙම සුරතල් බල්ලන් භාර ගැනීමට කැමතිද යන්න විමසන ලෙස දන්වා  තිබෙනවා.

 

ඔවුන් මෙම සුනඛයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හොත් සුනඛයන්ව දිගටම අරලියගහ මන්දිරයේ තබා ගන්නා ලෙස අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත.

‘‘ මම මෙහේ පදිංචියට එන්නෑ. මම නිල කටයුතු විතරයි අරලියගහ මන්දිරයෙ කරන්නෙ. ඒක නිසා මේ බල්ලන්ට දිගටම අරලියගහ මන්දිරයේ ඉන්න දෙන්න” යනුවෙන් අගමැතිවරයා  පවසා තිබෙනවා.

මේ අනුව අරලිය ගහ මන්දිරයේ බල්ලන්ට කලබල වීමට  හේතුවක් නැත.

අරලියගහ මන්දිරයේ ඇතුලත

 

[vsw id=”/Rfh-G6s1_b0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.