අර්ජුන් මහේන්ද්‍රන් අත් අඩංගුවට?

Arjuna Mahendranමහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ මගුල් ගෙදරකට ගොස් ඇති බවගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන අතර ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉක්මන් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය කියා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අයවැයට පෙර විවාදයක් අවශ්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පවසයිපැවසීය.

පක්ෂ නායක කමිටුවේ දී ඒ සඳහා දිනයක් වෙන් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පොරොන්දු වී ඇත.

කඩිනම් විමර්ශන
අර්ජුන් මහේන්ද්‍රන් අත් අඩංගුවට ගෙන තවත් සාක්ෂි විනාශ වන්නට ඉඩ නොදී වහාම විමර්ශන ආරම්භ කල යුතු බව සමාජ ක්‍රියාධරයින් පෙන්වා දෙති.දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙන තොරතුරු මත ක්‍රියාත්මක විය හැකි බව ඔව්හු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අල්ලස් හා දුෂණ විමර්ශන කමිටුවේ විමර්ශන ආරම්භ කොට ඇති බව දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් මහත්මිය අධයක්ෂ ජනරාල් තනතුරෙන් සමුගද්දී කියා සිටියාය.

පිටු 5 පනස් පහකට කට අමතරව ඇමුණුම්වලින් සමන්විත මෙම වාර්තාව නීතිපතිට ඉදිරිපත් කර ඉදිරිපියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේ දී පවසා ඇති නමුත් කාල වකවානු ගැන දැනගන්නට නැත.

ප්‍රධාන ප්‍රශ්න
මේ වන විට කෝප් වාර්තාව ආශ්‍රිතව ප්‍රධාන ප්‍රශ්න කීපයක් මතුවී තිබේ.

මහ බැංකුව කෙරෙහි විශ්වාසය පළුදුවීම යළි ගොඩනග ගන්නේ කෙසේද?

බැඳුම්කර නිකුතුවෙන් රජයට විශාල පාඩුවක් සිදුවී ඇත මෙම මුදල යළිත් ලබා ගන්නේ කෙසේද?.

අර්ජුන් මහේන්ද්‍රන් කෙළින්ම වගකිව යුතු මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සම්බන්ධයෙන් ගනු ලබන්නේ කවර පියවරක්ද?

අර්ජුන ඇලෝසියස් ගේස පර්පේචුවල් සමාගම විශාල ලාභයක් ලබා ඇති අතර මෙම මුදල් මේ වන විටත් බෙදී ගොස් ඇත්ද?

කෝප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ දැයි හොයා බැලීමට පාර්ලිමේන්තුව ගන්නා ක්‍රියා මාර්ග මොනවාද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.