අර්ජුන මහේල සංගාට සහ තේරීම් කමිටුවට පරාජයේ වගකීම පවරයි

arjunammm
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වාර්තා තබමින් ක්‍රීඩා පිටියෙන් සමුගත්ත ද ඔවුන්ගෙන් නවක ක්‍රීඩකයින්ට විය යුතු යුතුකම ඉටුකර නොමැති බව වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
1996 වර්ෂයෙන් පසු අරවින්ද සිල්වා සහ තමා නවක ක්‍රීඩකයින්ට ඉදිරියට ඒමට අවස්ථාව ලබාදුන්න ද වර්තමාන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් එම වගකීම නිසි ආකාරයෙන් සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම කුමාර සංගක්කාර,මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගිය පසු ඇන්ජලෝ මැතිවුස්ට හොඳ නායකයෙකු විය හැකි බවත් ක්‍රිකට් ක්‍රීඩාවට අනවශ්‍ය පුද්ගලයින් ඉවත් කළ හොත් එයට හොඳ අනාගතයක් නිර්මාණය කර හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
47d514db89ba887685b2b44bb3616e00_L
දෝෂාරෝපණය  සාධාරණ නොවේ.
රටට ආදරය නොකරන ක්‍රීඩකයින්ට තමන් ආදරය නොකරන බවත් අර්ජුන කියා සිටී.ගැටලුව වන්නේ ඔහට මේ දේශප්‍රේමය පහල  වන්නේ පරජය වූ පසුවයි.
ඔහුගේ ප්‍රධාන චෝදනාව වන්නේ වඩා ලාබාල ක්‍රීඩකයින්හට තැනක් නොදීමයි.ඔහුගේ තර්කය වන්නේ ප්‍රවීනයින් නවකයින් ගේ තැන අහුරා දැමීමට කටයුතු කල බවයි. හුදෙක් පසු පෙළ ක්‍රීඩා කල පමණින් අවස්ථාව නැති වන්නේ නැත.මහේල සහ සංගා දිගටම ලකුණු අතරේ සිටි බව අමතක කලයුතු නැත.එසේ තිබියදී ඔවුන් මහත්වරුන් සේ නික්ම යති.
අර්ජුන ගේ ප්‍රකාශය තුල දක්නට ලැබෙන්නේ මුල් කාලීන ක්‍රීඩාවෙන් ලද අභාශයට වඩා දේශපාලනයෙන් ලද පසුකාලීන අභාශයයි.ඔහු පවසන පරිදි ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටෙනු ඇත ප්‍රවීනයින් වාර්තා තබා ගෙදර යනු ඇත.මේ තත්වය ඔහුට වෙනස් කිරීමට අවශ්‍යව තිබුනේ නම් කල යුතුව තිබුනේ පරාජයට පෙර මේ මතය ප්‍රබලව සමාජ ගත කොට ඒ වෙනුවෙන් පෙනී සිටීමයි.එසේ නොකොට ප්‍රවීනයින් දුර්වල වූ මොහොතක ඔවුන්ගේ මෙහෙය අවතක්සේරු කොට දෝෂාරෝපණය කිරීම සාධාරණ නොවේ.
Cricket hero’s are not that important-Arjuna Ranathunga

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.