අල්ලස් කොමසාරිස්වරයෙක් ඉල්ලා අස්වේ

 

65621b7c684291a1c919250e220de9e3_L

 

හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුද වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වන කීර්ති විමලචන්ද්‍ර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවීම සඳහා කොමිසමේ ලේකම්වරයාට බාර දී ඇතැයි වාර්තා වෙයි.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනකු සිටින අතර ඉන් එක් කොමසාරිස්වරයකු ඉල්ලා අස් වුවහොත් කොමිසම ඉබේම අක්‍රීය වන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර නීති විශාරදයින් කියනුයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ අල්ලස් කොමිසම, මානව හිමිකම් කොමිසම සහ පොලිස් කොමිසමේ කාලය ද අවසන් වන බවය.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ සම්මත වූ 19 ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට නියමිත නව කොමිෂන් සභා පත් කිරීමට ඉඩ සලසා දෙමින් ඒ මහතා ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවය.

කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අන්තර් කාලීන ප්‍රතිපාදන තිබේ නම් අල්ලස් හෝ දුෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාව නව කොමිසමක් පත් කරන තෙක් ක්‍රියාත්මක විය හැකි බවද ඒ මහත්මිය අවධාරණය කර තිබේ.

මේ හේතුවෙන් කොමසාරිස්වරයෙකු ඉල්ලා අස්වු පමණින් අදාළ කොමෂන් සභාවේ අක්‍රීය නොවන බවද ඇය පෙන්වා දෙයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ වන තෙක් නිල පිටපතක් තමන්වෙත නොලැබී ඇති බැවින් කොමසාරිස්වරුන්ගේ නෛතික තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවත්, දැනට පවතින කොමිසම විධානයක් මාර්ගයෙන් ආරම්භකර ඇති විමර්ශන කටයුතු තවදුරටත් කරගෙන යා හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි. නමුත් නව විමර්ශන කටයුතු ආරම්භ කළ නොහැකි බවත්, එනමුදු මහජනතාවගේ පැමිණිලි බාරගත හැකි බවත් ඒ මහත්මිය පෙන්වා දෙයි.

දැනට පවතින කොසමිසන් සභාවේ විධානයකින්  පසුව ආරම්භ කර ඇති විමර්ශන ඉදිරියට පවත්වාගෙන යා හැකි බවත්, නමුත් ඒ සඳහා නඩු පැවරිය නොහැකි බවත්, ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.