අල්ලස් කොමිසමට මහින්ද බය වෙලා

 

haaa ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට හිටපු සේනාධිපතිවරයෙකු අල්ලස් කොමිසමට බිය වී තමන්ගේ පුතා ඇතුළු සහචරයින් පාර්ලිමේන්තුවේ බිම ඉන්දවා තිබේ.

 

 

[vsw id=”/Q2T12tJatP0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

දිවයින පුවත් පත් සිදුවීම වාර්තා කොට  තිබු ආකාරය

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය වළක්‌වාලන ප්‍රතිඥාවක්‌ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දෙනතුරු නැගිට යන්නේ නැතැයි කියමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරු හැට හයක්‌ පමණ ඊයේ (20 දා) පාර්ලිමේන්තු සභා ගැබෙහි බිම හිඳගෙන උපවාසයක්‌ ආරම්භ කළහ.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය වළක්‌වාලන ප්‍රතිඥාවක්‌ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දෙනතුරු නැගිට යන්නේ නැතැයි කියමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරු හැට හයක්‌ පමණ ඊයේ (20 දා) පාර්ලිමේන්තු සභා ගැබෙහි බිම හිඳගෙන උපවාසයක්‌ ආරම්භ කළහ.

පුවත්පත මුද්‍රණයට යනතුරු මෙම මන්ත්‍රීවරු පිරිස සභා ගැබෙහි මුලසුන ඉදිරිපස විපක්‍ෂයත්, ආණ්‌ඩු පක්‍ෂයත් අතර ඇති කොටසේ බිම හිඳ අඛණ්‌ඩ උපවාසයක නියෑළෙමින් සිටියහ.

මෙවැනි උපවාසයක්‌ සභා ගැබෙහි සිදු කරන්නේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට බවට මෙහිදී පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක්‌ පැවැසුවේය.

මන්ත්‍රීවරුන්ගේ උපවාසය පෙරවරු 10.35 ට ආරම්භ කෙරිණි. එය පුවත්පත මුද්‍රණයට යන අවස්‌ථාව දක්‌වා අඛණ්‌ඩව සිදු කරමින් සිටියහ.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීමට විරෝධය දක්‌වමින් විපක්‍ෂ මන්ත්‍රීවරු දැක්‌වූ අදහස්‌ මෙන්ම ඊට විරුද්ධව ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු ඉදිරිපත් කළ තර්කද සැලකිල්ලට ගත් කථානායක චමල් රාජපක්‍ෂ මහතා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තම තීරණය දැනුම් දෙන බව මන්ත්‍රීවරුන්ට කීහ.

විපක්‍ෂ මන්ත්‍රීවරු – කථානායකතුමනි අපිට දැන්ම ප්‍රතිඥවක්‌ ඕනෑ. මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස්‌ කොමිසමට කැඳවීම වළක්‌වන බවට.

කථානායකවරයා – මම හෙට උදේම දැනුම් දෙන්නම්.

මේ අවස්‌ථාවේදී සිය අසුන් වලින් නැගී සිටි බන්දුල ගුණවර්ධන

විමල් වීරවංශ, ටී. බී. ඒකනායක, සාලින්ද දිසානායක ඇතුළු විපක්‍ෂ මන්ත්‍රීවරු මුලසුන ඉදිරියට ආහ.

කථානායක- මම දැන් කිව්වනේ හෙට මගේ තීරණය දැනුම් දෙන්නම් කියලා. දැන් සභාව කල් තියෙනවා.

එවිට සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා නැගී සිට දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම සිදුකළේය. විවාදය කවදාදැයි කථානායකවරයා විමසුවේය. සභානායකවරයා විවාදය අද (21) දිනට කල් තැබුවේය. ඒ අවස්‌ථාවේදී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, සාලින්ද දිසානායක, උදිත් ලොකු බණ්‌ඩාර, ඩලස්‌ අලහප්පෙරුම, ටී. බී. ඒකනායක, කනක හේරත්, නාමල් රාජපක්‍ෂ, එස්‌. ඒ. මුතුකුමාරණ, ශ්‍රියානි විඡේවික්‍රම, මාලිනි ෙµdන්සේකා යන මන්ත්‍රීවරු විස්‌සක්‌ පමණ මුලසුන ඉදිරිපස බිම ඉඳ ගත්හ. වාසුදේව නානායක්‌කාර මහතාද ඉතා අසීරුවෙන් බිම ඉඳගත් අයුරු දැකගත හැකිවිය.

ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු “හොරු ටික… හොරු ටික… යෑයි කෑ ගසද්දී සෙංකෝලය රැක ගැනීම සඳහා වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතාද මුලසුන වෙත ආවේය.

“සභාව කල් තැබුවා සෙංකෝලය ගෙන යා හැකියි” කථානායකවරයා කියද්දී වේත්‍රධාරිවරයා සෙංකෝලය ගෙන එය ගෙන යාමට සැරසුණේය. එහෙත් බිම මන්ත්‍රීවරු ඉඳගෙන සිටි නිසා සෙංකෝලය රැගත් වේත්‍රධාරිවරයාට සුපුරුදු පරිදි එය ගෙන යැමට අවස්‌ථාව නොලැබිණි. ඔහු හිඳ සිටි මන්ත්‍රීවරු මග හරිමින් සෙංකෝලය ගෙන යද්දී කථානායකවරයා ප්‍රමුඛ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබෙන් නික්‌ම ගියහ. විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද ඒ සමගම සභාවෙන් පිටවූයේය. එවිට වේලාව පෙරවරු 10.35 ට පමණ විය.

එහෙත් දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්‌, දි. මු. ජයරත්න යන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුද බිම ඉඳගෙන සිටි මන්ත්‍රීවරුන්ට සහාය පළ කරමින් හිටගෙන සිටියහ.

හෙට වෙනතුරු අපි මෙහෙම ඉන්නවා… මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා බිම හිඳ කියද්දී ඔහොමම ඉන්න අපි කෑම ඕඑවන්නම් යෑයි ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙක්‌ කීවේය. ඒ සමගම විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා සිය ජංගම දුරකතනයෙන් බිම හිඳ සිටින මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප ගත්තේය. ඒ සමගම බිම හිඳි සිටි විමල් වීරවංශ මහතා ද තම ජංගම දුරකථනයෙන් තමාගේම ඡායාරූපය ගත්තේය. තවත් මන්ත්‍රීවරයෙක්‌ තම ජංගම දුරකථනය උදිත් ලොකුබණ්‌ඩාර මන්ත්‍රීවරයාට දී තමන්ගේ ඡායාරූපය ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ලොකු… මගෙත් එකක්‌…” යෑයි කියමින් තවත් මන්ත්‍රීවරු තමන්ගේ ජංගම දුරකථන ලොකුබණ්‌ඩාර මන්ත්‍රීවරයාට දුන්හ.

ටී. බී. ඒකනායක මහතා එරමිණිය ගොතා බිම ඉඳ භාවනා කරන ස්‌වරූපයෙන් සිටියේය. අනෙක්‌ මන්ත්‍රීවරු එදෙස බලමින් සිනා වෙති.

“අද විශේෂ ධර්ම දේශනාව පානදුරේ රෙජිනෝල්ඩ් කුරේ හිමියන්ගෙන්” මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා එකවරම හඬ නඟා කීවේය. ඒ සමගම රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා රෙජිනෝල්ඩ් කුරේ මන්ත්‍රීවරයා කතා කරන ආකාරය අනුකරණය කරමින් කෙටි ධර්ම දේශනාවක්‌ කළේය.

“ෂඃ බැට්‌ එකකුයි බෝලෙකුයි ගෙනාවා නම් බම්පින්ස්‌ කරන්න තිබුණා.” ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා කීවේය. මේ සිදුවීම් සියල්ල අතරේ සභා ගැබෙහි මෙම මන්ත්‍රීවරුන් අසල සිටි පාර්ලිමේන්තු සේවකයෙක්‌ ගැලරියේ සිටි මාධ්‍යවේදීන්ට යමක්‌ ඔසොවා පෙන්වූවේය. ඒ හිස්‌ ප්ලාස්‌ටික්‌ වතුර බෝතලයකි. එහි යට කොටස කපා ඇත. බිම හිඳ සිටි මන්ත්‍රීවරයෙක්‌ එය පඩික්‌කමක්‌ ලෙස සාදාගෙන බුලත් කෙළ ගසා තිබිණි. මන්ත්‍රීවරයා කවුදැයි හෙළි නොවිණි.

slparlia

 

 

 

දැන්නම් බඩගිනියි

“දැන්නම් බඩගිනියි” දහවල් දොළහට පමණ බිම හිඳ සිටි මන්ත්‍රීවරයෙක්‌ කීවේය. ඒ අවස්‌ථාවේදී එහි සිටි වේත්‍රධාරී අනිල් සමරසේකර මහතා “කෑම කොහොමද? කියා ඇසුවේය.” “ලොබියට අරන් එන්න.” මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කීවේය. රැස්‌වීම ආරම්භයේදී යුරෝපීය ඇඳුම හැඳ සිටි අලුත්ගමගේ මහතා ඒ වන විට සිටියේ ටයි, කෝට්‌ ගළවා දමාය.
පේන්නේ නැද්ද… මම කෝට්‌ එක ගැලෙව්වා. ටයි එක ගැලෙව්වා. යෑයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියද්දී “හපෝ අනෙක්‌ ඒවා නම් ගලවන්න එපා” යෑයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීවේය.

ආරම්භයේදීම බිම හිඳ සිටි මන්ත්‍රීවරු සංඛ්‍යාව මෙම අවස්‌ථාවේදී සිටියේ නැත.

“මචං… එකා එකා අඩුවෙනවනේ එක්‌ මන්ත්‍රීවරයෙක්‌ තවත් මන්ත්‍රීවරයකුට කීවේය. මන්ත්‍රීවරුන්ගේ දිවා ආහාරය ලොබිය වෙත ගෙන ආ පණිවිඩය සභා ගැබේ මන්ත්‍රීවරුන් වෙත සේවකයකු විසින් ගෙන ආවේය.

“අපි දෙන්නා දෙන්නා ගිහිං කාලා එමු…” යෑයි තවත් මන්ත්‍රීවරයෙක්‌ යෝජනා කරද්දී ‘අනේ මගේ කකුල් කෙඩෙත්තුව’ යෑයි කියමින් බිම ඉඳ සිටි මන්ත්‍රීවරියක්‌ සිට ගෙන සිටි මන්ත්‍රීවරයකුගේ වාරුවෙන් නැගී සිටියාය.

එකවරම විපක්‍ෂයේ සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතා පැමිණ මේ මන්ත්‍රීවරු සමග කතා බහ කළේය.

‘ජනාධිපතිතුමා කියලා අපේ ඉල්ලීම අපේ අත්සන් එක්‌කම ලිතව දැනුම් දෙන්න කියලා’ ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා ගෙන ආ පණිවිඩය මන්ත්‍රීවරයෙක්‌ ගැලරියේ සිටි මාධ්‍යවේදීන්ට හඬනගා කීවේය.

ඒ සමගම මන්ත්‍රීවරු එම ලිපිය සකස්‌ කිරීම ආරම්භ කළහ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සභානායක අසුනේත්, ඩලස්‌ අලහප්පෙරුම මන්ත්‍රීවරයා අගමැති අසුනේත් හිඳ ලිපිය සකස්‌ කරන්නට වූහ.

මහාචාර්ය ජී. එල්. පීරිස්‌, මහින්දානන්ද අලුත්ගමගේ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුද ලිපිය සකස්‌ කිරීමට උපදෙස්‌ දෙන අයුරු දැකගත හැකි විය. කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාද අසල විය.

එහෙම නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විදියට පත්වීමත් අල්ලසක්‌නේ… විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීවේය.

ඔවුන් ලිපිය සකසමින් සිටිද්දී අනෙක්‌ මන්ත්‍රීවරු තැන තැන හිඳගෙන සිනාසෙමින් එකිනෙකාට විහිළු තහළු කරමින් සිටියහ. ඒ අතරතුර පස්‌වරු 3.00 ට පමණ කථානායක චමල් රාජපක්‍ෂ, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක යන මහත්වරු උපවාස කරන මන්ත්‍රීවරු අතරට පැමිණ සාකච්ඡා කළහ. නමුත් එම සාකච්ඡා අසාර්ථක බව පෙනී ගියේ මන්ත්‍රීවරු ද සිය උපවාසය අඛණ්‌ඩව ගෙන ගිය බැවිනි.

බන්ධුල ගුණවර්ධන මහතා සකස්‌ කළ ලිපියට උපවාස කරමින් සිටි මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගත්හ. රාජ්‍ය ඇමැතිවරයකු වන සී. බී. රත්නායක මහතාද මෙම ලිපියට අත්සන් තබන ලදී.

මන්ත්‍රීවරුන් හැට දෙනකු අත්සන් කළ ලිපිය වෙනත් කටයුත්තක්‌ සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙන ලදී.

කෙසේ වෙතත් ඉන් පසුවද මන්ත්‍රීවරුන්ගේ උපවාසය අවසන් වූයේ නැත. සභා ගැබෙහි බිම තැන තැන අසුන් ගෙන සිටින මන්ත්‍රීවරු එකිනෙකා සමග එකට හිඳ ඡායාරූප ගන්නා අයුරුද දැක ගත හැකිවිය.

උපවාසයේ සිටින මෙම මන්ත්‍රීවරුන්ගේ ජංගම දුරකථනවලටද විවේකයක්‌ නැත. ඇතැමුන් පිටතට උපවාසය පිළිබඳ තොරතුරු දෙති. ඡායාරූප ගනිති.

‘අනේ මගේ ෆෝන්  එකේ බැටරි බැහැලා..’ මාලිනී පොන්සේකා මන්ත්‍රීවරිය කලබල විය. ඒ අසලට ආ මන්ත්‍රීවරියක්‌ ඇයගේ ජංගම දුරකථනය ගෙන චාර්ඡ් කිරීම සඳහා ස්‌ථානයක්‌ සෙවුවේය. අවසානයේ ආණ්‌ඩු පක්‍ෂයේ ඉදිරිපෙළ අසුනක්‌ අසල ඇති විදුලි පේනුවක චාර්ජරය සවි කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.