අල්ලස් කොමිසම ලඟ කෑ ගහන එක හරිද?

 

GLA_16841 (1)

 

ශ්‍රී ලංකාව අමුතුම තාලේ රටකි. හොරකම් ගැන චෝදනා ඉදිරිපත් වූ විට ඒ ගැන ඇස ඤ පියා ගෙන ඉන්නැයි කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන් ගේ අනුගමිකයින්ය.එහෙත් දැන් එහෙම කරන්න බැරි බව උස්වියට සහ පොලිසියට තේරුම් ගොස් ඇත. එහෙත් වැඩක් වෙන්නේ නැත.මන්දයත් හොරු සමග සිටින හොරුන්ට මල් මලා මල දැමීමට ඇප කැපවුණු තවත් බොහෝ දෙනා සිටිති.

අධිකරණ නියෝගයකට පටහැනිව  කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි  හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු සන්ධානයේ 27 දෙනකුට  නොතීසි නිකුත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔවුන්ට මැයි 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කළේය.

හිටපු ආරෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම කොමිසමට පැමිණෙන හෙයින් ඇතිවිය හැකි  කලබල වැළැක්වීමට කුරුදුවත්ත පොලීසිය එම ප්‍රදේශයේ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කිරීමේ නියෝගයක් අධිකරණයෙන් ගෙන තිබිණි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මැදගොඩ අභයතිස්ස,බෙංගමුවේ නාලක ,ගලගොඩ අත්තේ ඥානසාර ,විතාරන්දෙණියේනන්ද ,අහුංගල්ලේ ජිනාන්නද ,බියගම සුසිල,වටිනාපහ සෝමානන්ද ,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරුද , ඩලස් අලහප්පෙරුම,ජනක ප්‍රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර,රොෂාන් රණසිංහ,ජයන්ත කැටගොඩ,උදිත ලොකුබණ්ඩාර,ගාමිණි ලොකුගේ ,බන්ධුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රෙස්න ,වීර කුමාර දිසානායක යන මන්ත්‍රීවරු ද ,බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල හා රොජර් සෙනවිරත්න,ජනක් කුමාර,සුනිල් ජයමිණි,උපාලි කොඩිකාර,මධුමාධව අරවින්ද ,අජන්ත ලියනගේ ට නොතීසි නුකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.