අල්විස් පෙරේරා කවියාගෙන් කනේ පාරක් කෑ පේරාදෙණි ජෝකරයා

ramanathan1 (1) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාලාවල පැවැත්වෙන වාද විවාද ගැන මෙනෙහි කරන මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර පවසන පරිදි දාර්ශණික මෙන්ම දේශපාලන මාතෘකා පිළිබඳව නිරන්තරයෙන්ම සංවාද පැවැත්විණ. 1961 අවුරුද්දේ දවසක රාමනාදන් ශාලාවේ පැවැති කවි මඩුවකට ඇරයුම් ලැබුවන් අතරේ පි. බී. අල්විස් පෙරේරා කවියාත් සිටියේය. අල්විස් පෙරේරා නිවහනේ ඔහු නැති අවස්ථාවේදි සිදුවන කාරණයක් පිළිබදව සරසවි සිසුවෙක් තරමක අවීනීත ලෙස කවියක් පද බැන්දේය. එහෙත් එයින් නොසැළුණු අල්විස් පෙරේරා කවියා  සිසුවාට මෙසේ කියා සිටියේය.

එම්බා දරුව සිප් සයුරේ සොයන        මුතු

දේවල් කිව යුතු හා නොකිව             යුතු

එය පසුව ඔබේ සිහියේ තිබිය            යුතු

වාසිටි බිමේ මතු නම්බුව රැකිය         යුතු

පී.බී අල්විස් පෙරේරා
පී.බී අල්විස් පෙරේරා
මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරීවීර
මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරීවීර

සරසවි සිසුන්ගෙන් අල්විස් පෙරේරා කවියාට  කන් පුපුරුවන තරමේ අත්පොළසන් නාදයකින් ප්‍රතිචාර පළවිණි. ඒ අතර වාරයේ අපහාසාත්මක කවි පද බැන්ද සරසවි සිසුවාට හොඳ බකට් පහරක් (ඉඳුල් වතුර මිශ්‍රිත) ලැබුණ අතර එතැන් සිට ඔහු සරසවියෙන් නික්ම යනතුරුම ඔහු ජෝකරයෙක් සේ සිසු සිසුවියන් ඔහුට සැලකු බවයි ඉතිහාස අංශයේ මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර කියා සිටින්නේ.

මේ සිදුවීමෙන් පෙනී යන්නේ පේරාදෙණියේ එකාට කොයිතරම් හදවතින් බැඳුනත් පිටින් එන අමුත්තන්ට අසාධාරණයක් වනට ඉඩ නොදෙන බවයි.

රාමනාදන් ශාලාව සිට ගලහ හන්දියට පැමිණි  ගමනක්-පේරදෙණිය සැබවින්ම රසවිඳි එවුන්ට නම් පිලිප් වීරසින්හ්ම් ගේ මේ වීඩියෝවේ හැම ගහක් ගලක් ම මතක ඇති-මිහිපිට පාරාදීසය හරහා ගිය ගමනක්

[vsw id=”http://youtu.be/qoH8OWP6WDM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.