අලි හොරුන්ට ඉඩ දිය යුතුද?

 

z-3-300x295බටහිර රටවල මුදල්වලින් යැපෙන අන්‍යාගමික මූලධර්ම වාදින් පිරිසක් ගැන කියමින් මේ දිනවල සිදුවන හොර අලි නිමියන් වැටලීම නතර කරන්නැයි බලකරන වැඩ පිළිවෙලක් ආරම්භ වී තිබේ.

හීලෑ අලි ඇතුන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති මාගල් කන්දේ සුදත්ත හිමියෝ කිය සිටින්නේ ‘‘රටේ බිලි පූජා තියනවා. හරකුන් මරනව. ඒවට පිළියමක් නොදී පංසලක හෝ කිසියම් කෙනකුගේ යම් ලියවිල්ලකට හෝ මෙම අලි ඇතුන් සදා ගැනිමේදි අලි ඇතුන් වඳවන්නේ කෙසේද‘‘ යන්නයයි.

හක්ක පටස්, අධි බලැති විදුලි රැහැන්, වෙඩි හා කෝච්චියට හැපීමෙන් මිය යන අලි ඇතුන් සම්බන්ධව පිළියමක් නොසොයා ගෘහස්ථව හා පංසල්වල හැදෙන වැඩෙන අලි ටික අත් අඩංගුවට ගෙන පෙරහර සංස්කෘතිය කඩාකප්පල් කරන්න විනාශ කරන්න හදනවනම් එය අන්‍යාගමික මුලධර්ම වාදින්ගේ ක‍්‍රියාවක් හැටියට දකින බව හීලෑ අලි ඇතුන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති හිමියෝ පවසති.

අලි අයිතිකර ගැනීමට

මේ සියළු ප්‍රශ්න තිබෙන බව ඇත්තකි එහෙත් එසේ වු පමණින් කළේ සිටින ඇත් පැටවුන් මව් ඇතින්නියගෙන් වෙන් කොට හොර රහසේම ගෙදර ගෙනවිත් හිංසා කරන්නට ඉඩ දිය හැකිද යන්න ප්‍රශ්නයකි.එසේම හොර ලියවිලි හෝ සන්නස් මගින් අලි අයිතිකර ගැනීමටත් ඉඩ තිබිය නොහැක.

සියලු වැටලිම් නවත්වා ස්ථිර විසඳුමක් ලබාදෙන්නට අමාත්‍යවරයා එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සති අන්තයේදි කරන්නට සුදානම්ව සිටි උද්ඝෝෂණය නැවැත්තුවත් පොරොන්දුව කඩ කර නැවත වැටලිම් සිදුකළහොත් ලංකාවේ සියලු ප‍්‍රදේශවලින් අලි ඇතුන් 75 ක් 100 ක් කොළඹට ගෙනැවිත් ඇත්ගොව්වන් හා හාම්පුතුන් සමග ලොකු අරගලයකට යන්නට සුදානම් බවද සුදත්ත හිමියෝ කියති.

ආණ්ඩුවකට නීතියට එකඟව වැඩ කරන ආණ්ඩුවක් නම් මේ කියන පිරිසට තමන්ගේ අලි සමග කොළඹට පැමිණෙන ලෙස ආරාධනය කළ යුතුය.එවිට හොර අලි සහ අලි හොරුන් වෙන් කොට හදුනා ගත හැකි වෙනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.