අවමගුලට මෛත්‍රී පවුල සුදානම් වෙති

 

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුවීමට නියමිතය.

මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටින ගරාජ් හිමියකුවන ලක්මාල් සපුතන්ත්‍රීගේ නිවසට හා ගරාජයට සන්නද්ධ පොලිස් ආරක්ෂාව සපයා ඇත.

ප්‍රියන්ත සිරිසේන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගිය අතර . විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද අද (29) එහි ගොස් දේහයට අවසන් ගෞරව දැක්වීය.

තියුණු ආයුධයකින් හිසට පහරදීමෙන් මොළේ අභ්‍යන්තරයට ලේ ගැලීම නිසා ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේන (43) මහතාගේ මරණය  සිදුව ඇති බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය ජේ.එම්.හේවගේ මහතා නිගමනය කොට ඇත.

කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී මෙම මරණ පරීක්ෂණය පැවැත්විණි.

 

Karu,-Prim-Ministar-(3)

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.