අවසානයේ ඥාණසාර හිමිටත් නීතිය ක්‍රියාත්මක විය

මාධ්‍යවේදී  ප්‍රගීත් එක්ණැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්ණැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණය තුලදී මරණ තර්ජන එල්ල කිරීමට වැරදිකරු වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද (14) සිදුවිය.

හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් ඥාණසාර හිමියන්ට බරපතල වැඩ සහිතව මාස 6 කින් ගෙවී යන පරිදි වසරක සිරදඬුමක් නියම කලේය. එසේම සන්ධ්‍යා එක්ණැලිගොඩ මහත්මියට රුපියල් පනස් දාහක වන්දියක් ගෙවන ලෙසත් ඊට අමතරව රුපියල් තුන් දහසක දඩයකුත් නියම කලේය.

මේ අතර ඥාණසාර හිමියන් බන්ධනාගාර ගත කිරීමට රැගෙන යාමේදී දැඩි ආරක්ෂක රැකවරණයක් ලබා දීමට කටයුතු සූදානම්ක කර ඇති බව වාර්තා වේ.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන ඥානසාර හිමියන් තර්ජනය කර තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.