අවාරේ සිරිපාදේ යන ගමන

ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන්

 

 

 

 

2014 – 2015 ශ්‍රී පාද වන්දනා සමය  අවසන් වී තිබේ.

සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රීපාද සමය තුළ ශ්‍රී පාද මලුවේ තැන්පත් කර තිබූ අතර හෙට දහවල් සුබ නැකතින් ඒවා නල්ලතන්නිය වෙත රැගෙන  ගොස් ඇත.

 

පසුගිය උදුවප් පුර පසළොස්‌වක පෝය දිනයෙන් ආරම්භවී පුරා මාස පහක කාලයක්‌ පැවැති ශ්‍රීපාද වන්දනා සමය ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්‌වූ අතර, මෙම 05 වැනිදා සිට මාස 07 ක කාලයක්‌ සිරිපා අවාරය පවතී.

ශ්‍රී සුමන සමන් දෙවිදුන්ගේ ඓතිහාසික පිළිමය, සධාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රීපාද වන්දනා වාරයේදී තැන්පත් කර තිබූ ශ්‍රීපාද උඩමළුවේ සිට 05 වැනිදා දින දහවල් සුබ නැකත් අනුව නල්ලතන්නිය ශ්‍රීපාද බෞද්ධ මධ්‍යස්‌ථානය වෙත විශේෂ පෙරහැරකින් වැඩම කරනු ලබන්නේ ලක්‍ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරින් විසිනි.

ශ්‍රීපාදස්‌ථානාධිපති, ඌවවෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති හා සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ උපදෙස්‌ හා අනුශාසනා මත 05 වැනි දින රාත්‍රී සිට 06 වැනි දින අලුයම දක්‌වා ශ්‍රීපාද බෞද්ධ මධ්‍යස්‌ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක්‌ පැවැත්වේ.

06 වැනිදා උදේ සුබ නැකත් අනුව ශ්‍රී සුමන සමන්දේව පිළිමය, සධාතුක කරඬුව හා දේවාභරණ රැගත් විශේෂ රිය පෙරහැර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව නල්ලතන්නිය ශ්‍රීපාද, බෞද්ධ මධ්‍යස්‌ථානය අසලින් ගමන් අරඹා මාඋස්‌සාකැලේ ශ්‍රීසුමන සමන් දේවාලය, මාඋස්‌සාකැලේ හන්දිය, කැනියොන්, කිරිවන්එළිය, ඩබල්කටින් හන්දිය, කණමැදිරිහේන, ලක්‍ෂපාන, මොරහේනගම, පොල්පිටිය හන්දිය, කළුගල හන්දිය, යටිබේරිය වාහල්කඩ, කිතුල්ගල, අවිස්‌සාවේල්ල, රත්නපුරය හරහා පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහා විහාරස්‌ථානය කරා වැඩම කරවීමට නියමිත බවද ශ්‍රීපාදස්‌ථානාධිපති නාහිමියෝ පවසති.

හමුදා සෙබලුන් ගොඩනැගූ පියගැටපෙල

අවාරයේ සිරිපාදයට කුරුවිට හරහා යන ගමනක්

ශ්‍රී පාදය තරනය කරන්න පුලුවන් මාර්ග හයක් සඳහන් වෙනව. මේව අතරින් වැඩිපුරම භාවිත වෙන්නෙ
හැටන්-නල්ලතන්නි මාර්ගය කි.මි 4
කුරුවිට-එරත්න මාර්ගය කි.මි 12
රත්නපුර-පළාබද්දල මාර්ගය කි.මි 8
කියන තුන තමයි. මේ මාර්ග හයම බාගයක් දුර යද්දි ප්‍රධාන මාර්ග දෙකකට ඌනනය
වෙනව. ඒ රත්නපුර පාර සහ හැටන් පාර කියල.
අපේ ගමන් සලැස්ම තමයි කුරුවිට පත්තෙන් ගමන ආරම්භ කරල පළාබද්දල පැත්තෙන්
අවසාන කරන්න. ගමන ටිකක් අභියෝගාත්මකයි, මොකද අවාරයෙ නිසා මිනිස් දසුනක්
දකින්න ලබෙන්නෙත් කලාතුරකින්. හදිස්සියක් උනොත් ඉතින් සමන් දෙය්යන්ගෙ පිහිටම තමයි.
ගමන සංවිධානය කලේ අරමුණු ගොඩක් ඇතුව.
Hiking සහ Bird watching දෙකම සමබර වෙච්ච අපේම ආරෙ ගමන් රටාවකට තමයි
ගමන සම්පූර්න කලේ.
කුරුවිට නගරයෙ ඉඳල එරත්නටත්, එතනින් අඩවි කන්ද කියන ප්‍රදේශයටත් ප්‍රාවාහන පහසුකම් තියනව
(අපිත් ගියෙ බස් එකේ). අඩවි කන්ද කියන තැනින් තමා ගමන හරියටම ආරම්භ වෙන්නෙ. අඩවි කන්ද තියෙන්නෙ කුරුවිටට කි.මි 14 ක් විතර ඈතින්.
අවාරෙ නිසා ගමනාන්තයට යනකන්ම කඩ නෑ. ඒ නිසා දවස් දෙක තුනකට අවශ්‍ය කෑම බීම
උයා පියා ගන්න භාජන එහෙමෙ අපි සූදානම් කරගෙන තිබුන.
මේ පාරෙ ප්‍රසිද්ධ මග සළකුනු ටිකක්…
ජම්බෝල ගහ යට අම්බලම
ඩයමන්ඩ් හිල් අම්බලම
වර්ණගල කුඩා ජල විදුලි බලාගාරය
වර්ණගල ඇල්ල
වර්නගල ප්‍රධාන නැවතුම්පොල (පළවෙනි දින නවාතැන)
සීතගඟුල අම්බලම
මැදහින්න අම්බලම
ඉඳික‍ටුපාන අම්බලම
හැරමිටිපාන (දෙවනි දින නවාතැන)
වර්ණගල කියන්නෙ හරිම සොඳුරු තැනක් කුරුවිටදි බෝපත් ඇල්ල නිර්මාණය
කරන “කුරුගඟ” මෙතනදි වර්ණගල ඇල්ල කියල අපූරු නිර්මානයකට පණ පොවනව.
මේ ජලය ඉන් පස්සෙ කුඩා ජල විදුලි බලාගාරයක විදුලිය නිපදවන්න නල මගින්
අඩවි කන්ද කියන ප්‍රදේශයට යනකම් ගෙනියනව.
සොබාදහමට පොඩ්ඩක් බාදා උනාට ඒ ව්‍යාපෘතිය හරි අපූරුවට කරල තියනව.
දැන් කුරු ග‍ඟේ කොටසක් තියනව ජලය අතිරික්ත කාලෙට විතරක් ගඟක් නිර්මානය වෙන අනිත් වෙලාවට
නිකම්ම නිකන් ගල් තලාවක් වෙලාතියනව.

ර්ණගල ඇල්ල පාමුල අතිරික්ත ජලය ගලන ගල් තලාව
කි.මි දෙකෙන් දෙකට වගේ නවාතැන් තියෙන නිසා තරමක වැස්ස තිබුනත් අපි යන්තමින් තෙමීගෙන ගමන
දිගටම යෙදුනා. දවසින් වැඩි හරියක් ගෙවෙන්නෙ කුරුල්ලන් බලන්න තමයි. වැස්සකට පස්සෙ එන
කාළගුණය නිසා කුරුල්ලන් හැම තැනම.

එරත්න පාරේ හමුවන සීත ගඟුල

ඉඳික‍ටුපාන අම්බලම
දෙවනි දවසෙ නවාතැන්පොල උනේ හැරමිටිපාන. මෙතන ඉඳල ඉතිරි කොටස සීග්‍ර නැග්මක් නගින්න තියනව. වැස්ස නැති වෙලාවට මෙතනට හරිම අපූරුවට ඉහල මළුව පෙනව. වළාකුළු එහෙ මෙහෙ වෙච්ච මොහොතක ඒ සොඳුරු දර්ශණය බලා ගන්න අපිත් පින් කරල තිබුන. හැබයි ඒ අඩුපාඩුව නැතිවෙන්න වාරෙට නොපෙනෙන දිය ඇලි කන්දෙන් කන්දට හරිම අපූරු දසුන් මවල තිබුන. අත්තටම heaven කියල හිතෙන තරමටම අපූරුයි.

හැරමිටිපාන හ ඉඳික‍ටුපාන ඉහලට පේන හැටි
 
උහුලගන්න අමාරු සීතල කාළගුණයත් එක්ක උඩමළුවටම නැග්ග. තෙත ඇඳුම් තමා වැඩියම අපහසු තාවයට පත් කලේ. මළුව බලාගන්න නැවතිල හිටපු මාම දීපු තේ කොප්පය ගැන වචනයක් නොකීවොත් ගුණමකු කමක් වෙනවනෙ.
ආපසු ගමන තියෙන්නෙ හැරමිටිපානට ඇවිත් රත්නපුර පැත්තට. මේ පාර අපි ආපු පාරට වැඩිය වෙනස්
කඳු හතක් නගිමින් බසිමින් තමා ගමන් මාර්ගය වැටිල තියෙන්නෙ.
මඟ සළකුණු………………….
සීත ගඟුල
ධර්මරාජගල
ගෙත්තම්පාන
ක‍ටුකිතුලෙ වංගුවෙ දාන ශාලාව
ළිහිණි හෙළ
මේ පාර නම් ගොඩාක් දුරට යනකම් අලුතින් පඩි බැඳල. මේ සත්කාරය කරන්නෙ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ ඉංගිනේරු සෙබලු.
හරිම කැපවීමකින් පඩි පන්දාහක් විතර බැඳල තියනව. අතරමගදි කලු ග‍ඟේ මවු ශාඛාව පාර හරහා යනව. ඒක
එතනදි පුංචිම පුංචි දියපාරක් විතරයි. හරිම අපූරුයි…….
අපේ තුන්වෙනි දවසෙ නවාතැන කරගත්තෙ ක‍ටුකිතුලෙ වංගුවෙ පුංචි නවාතැන. උදේට ඒ අවට bird flocks බහුලව ගැවසෙනව.
ඒ ගමයි කැලෙයි සීමාවෙ ප්‍රදේශවල කුරුලු ගහනය වැඩිනිසා වෙන්න ඕන. Bird watching ගැන කිව්වොත් feeding flocks අඳුරගන්න,
අලුතෙන් කුරුල්ලන් හඳුනාගන්න කියාපු පළාතක්. තව ටිකක් වාසනාවන්ත උනානම් සිරිපා අඩවියෙ ඉන්න අලි දැකගන්නත් තිබ්බ.
අපි නම් දැක්කෙ ඒ අය හිටපු බවට සළකුණු විතරයි.
වැස්ස කුරුල්ලන් ගහකොල දියසීරාව එක්ක දවස් හතරක්ම ගතකල නිසා, ගමන අවසාන කරද්දි ඇ‍ඟෙන් ඇටයක්
යනව වගෙ දුකක් දැනුන.
Sri Lanka Hanging Parakete
Black bulbul
Yellow yeared bulbul
yellow browed bulbul
Ceylon white eye
Malabar Trogen
Crested drongo
Dark fronted babler
Orange billed babler
Scimiter babler
Ashy headed laughing thrush
Bar winged flycatcher-thrush
අපේ Chek List එකට එකතු කරගන්න පුලුවන් උනා.
තවත් අපේ අතින් සැහෙන්න මගහැරෙන්නත් ඇති…….
කාට හරි තව විස්තර ඕන නම් Lakdasun වෙබ් අඩවියෙ හොඳ විස්තර
ටිකක් තියනව.
අවාරෙ ගමන යෙදෙන්න වඩාත්ම සුදුසු ජුලි සහ අගෝස්තු මාස දෙක.
ඒ මාස වලත් වැස්සෙන් බාදා නොවෙන දවස් ‍තෝර ගත්තොත්
ගමනේ උපරිම ඵලය ලබාගන්න පුලුවන්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.