අසංවේදී විශාඛා විදුහල්පතිනි පසුබසී

bbbbbbbbbbbbbbbbbbbyyyyyyyyපන්තිය තුන් වැනි මහලේ පැවැත්වීම නිසා තුන් මාසයක් නිවසට වී සිටි දැරිය වෙනුවෙන් ඇය සිටින අටේ පන්තිය බිම් මහලට ගෙන එන බව කොළඹ විශාඛා විද්‍යාලයයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය කියන්නීය.මෙය දිරිමත් දැරියක් සහ ඇගේ දෙමාපියන් ගේ ජයග්‍රහනයක් වන් අතර විදුහල්පතිනිය සම්බන්ධයෙන් විනය ක්‍රියා මර්ගයක් ගත යූතු සිද්ධියකි .ආබාධිතයෙකුට තමන්ගේ වැඩ කරගෙන ය හැකි පරිදි සාධාරණ වෙනස්කම් කිරීම ලොව පිළිගත් මුලධර්මයයි.

එම පන්තිය තුන් වැනි මහලේ ඇති නිසා දරුවා වඩාගෙන ඉහළ මාළයට නැගීමට මවට නොහැකිවීම හා පන්තිය බිම්මහලට ගෙන ඒම ගැන කළ ඉල්ලීම් විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළේය.

දැරිය සිටින පන්තිය පහළ මාලයට ගෙනවිත් ඇයට අධ්‍යාපනය කරගෙන යෑමට අවස්ථාව දෙන්නේදැයි ලංකාදීප එදා විදුහල්පතිනියගෙන් විමසූ විට කීවේ එක දරුවකු වෙනුවෙන් එවැන්නක් කළ නොහැකි බවයි.  ‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද? ඒ ළමයා ඇවිදින්න බැරිව නිකන් ඕහේ ඇවිත් කාලය නාස්ති කරනවා විතරයි. පන්තිය පහලට ගත්තත් අයිටීවලට එහෙම යන්න බැහැනේ ඒ ළමයට.‘ යැයි ද එදා විදුහල්පතිනිය කීවාය.

මේ දැරියට අටවෙනි පන්තියට එහා ඉගෙන ගැනීමට වාසනාවක් නැති නම් තමන්ට කල හැකි දෙයක් නැති බව විදුහල්පතිනිය පැවසු බවට පල වූ මාධ්‍ය වාර්තා මේ තාක් විදුහල්පතිනිය විසින් ප්‍රතික්ෂේප කොට නැත. එහෙයින් මෙය සරල සමතයකින් වීසඳාගත යුතු ප්‍රශ්නයක් නොවේ.අනෙකුත් අසංවේදී පරිපාලකයින්ට පාඩමක් වීම සඳහා දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු අවස්ථාවකි.

 

විදුහල්පතිනිය කර්නල් වූදා
විදුහල්පතිනිය කර්නල් වූදා

මේ පුවත පළවීමෙන් පසු එම මව හා විද්‍යාලයීය ආදි ශිෂ්‍යා සංගමය  සමඟ සාකච්ඡා කර දැරිය සිටින පන්තිය පහළට ගෙන ඒමටත්, වැසිකිලියට යෑමේ දී අවශ්‍ය පහසුකම් සැපයීමටත් තීරණය වූ බව විදුහල්පතිනි අවිරුප්පල මහත්මිය කීයා  සිටින්නීය.

ආබාධිතයන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශනයක් මීට පෙර නිකුත් කර ඇති නිසා දැරියට වූ අසාධාරණය වෙනුවෙන්   මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ලංකා ගුරු සංගමය සහ සිවිල් සංවිධානය කිහිපයක් ද ඉදිරිපත් වී තිබිණි.  මාස තුනක් දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ගොනු කළ පැමිණිල්ල ලබන 21 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.