අස්වෙන්න බෑ කියු සුරේන් හා කියයි

Suren Ratwatte‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය සමාගමේ සභාපතිවරයාට බාරදී ඇතැයි වාර්තා වේ.

සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා (7දා) එම සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට බාර දී ඇතැයි තවදුරටත් වාර්තා විය.

‘ශ්‍රී ලන්කන් එයාර්ලයිනස්’ සමාගමේ සිදු කෙරෙන ප්‍රතිව්‍යුහ ගත කිරීම් වලට සහාය දීමක් ලෙසින් ඔහු එලෙස ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතැයි සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

සුරෙන් රත්වන්නේ මසකට ලක්‍ෂ හතලිහක පමණ වැටුපක් ලබා ගත්තේ යයි චෝදනා එලල් වූ අතර අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදරයෙක්ද වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට අජිත් ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබිණි. එහෙත් සුරේන් රත්වත්තේ මහතා අඛණ්ඩව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය.

ඉන්පසු මාර්තු මස 29 වැනිදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රංජිත් ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කෙරුණි.

කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවටද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.