අසියා-පැසිෆික් කළාපයේ හොඳම මුදල් ඇමති රවි…………….

ravi_karunanayakeලන්ඩන් හි පළවෙන the Banker මුල්‍ය සඟරාවේ අසියා-පැසිෆික් කළාපයේ හොඳම මුදල් ඇමති වරයා ලෙස රවි කරුණානායක නම් කොට ඇත. ශ්‍රි ලංකාවේ ආර්ථිකය දුෂ්කර අවස්ථාවක සිට ඉහළට ඔසවා තැබීමට රවි කරුණානායක සමත් වූ බව සගරාව
කියා සිටී.

ශ්‍රි ලංකාවේ ආර්ථිකයේ ගෙවුම් ශේෂ ගැටළුව විසඳා ගැනීම සඳහා අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගත හැකි වීම නිසා විදේශ ආයෝජකයින් ගේ විශ්වාශය දිනාගත හැකි වී ඇති බව the Banker සඟරාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී ලැබුණු ප්‍රතිචාර දෙස බලන විට ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයාට බහු විධ මාර්ග වලින් ණය ලබා ගැනීමේ හැකියාව අත් පත් කරගෙන අපේක්ෂිත ඉලක්ක සපුරා ගත හැකි වී ඇතැයි සඟරාව පවසයි. රවී කරුණානායක මුදල් ඇමති තනතුර භාර ගන්නා විට සියයට හතක් ව තිබු ගෙවුම් ශේෂ පරතරය පහයි දශම හත දක්වා පහළ වැටී ඇති බවත් Banker පෙන්වා දෙයි. මුල්‍ය කළමනාකරණය සහ බදු මුදල් එකතු කිරීම අතින්ද රවි කරුණානායක දක්ෂ ලෙස ක්‍රියාත්මක වී ඇති බව සඟරාව වැඩි දුරටත් කියා සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.