අහපල්ලා චතුර ගේ බයිලා

chathura senaratneපසුගිය සතියේ සිට මේ දක්වාම චතුර සේනාරත්න මෙරට සමාජජාල තුල පුවත් මවන්නෙක් බවට පත්ව ඇත්තේ ඔහු ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ස්වයං චරිතාපදානයේ පූර්ව අලෙවිකරණ මෙහෙයුමේ කොටසක් ලෙස යැයි රාවයක් පැතිර තිබේ.

තමන් විජේකුමාරතුංග සමග දේශපාලනය කළ බව චතුර සේනාරත්න පැවසීය. දෙරණ රූපවාහිනිය සමඟ පැවැත් වූ සංවාදයකදී පළ කල අදහස් වල කාල ගැලපීම පිළිබඳ වූ අවිනිශ්චිතතා නිසා ඔහු බොරු කියන බවට සමාජ ජාල තුල වැපිරීම අදාළ පොතට ප්‍රචාරණය ලබාදෙන මෙරට ප්‍රමුඛ පෙලේ ප්‍රචාරණ සමාගමක උප්පරවැට්ටියක් බවද කියවේ.

ඔහුගේ ජීවිතයට අදාළ සිදුවීම් වල කාල ගැලපීම පිළිබඳව සමාජය තුල දෙගිඩියාවක් ඇති කර ඒ හරහා පොත අලෙවි කර ගැනීම අදාළ ප්‍රචාරණ සමාගමේ ඉලක්කය වී ඇත. මේ උපක්‍රමය පාරා වළල්ලක් බවට පත්වෙමින් පවතී. තාත්තා සහ පුතා ඕනෑවට වඩා කටින් වැඩ කරන්නට යෑම නිසා වැඩ වරද්දා ගන්න බවක් පෙනෙන්ට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.