අහෝ කාලෝ

kalo-fonsekaවෛද්‍ය සභාවේ සභාපති ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකියැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

කොල්වින් මහතා ඒ කාලයේ සිටම සයිටම් පක්ෂපාතියකු බව ද ෆොන්සේකා මහතා පවසයි. ගැටළුව වන්නේ සයිටම් විරෝධී කාලෝ ෆොන්සේකා හට වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ හැකි නම් සයිටම් පක්ෂපාතියකු වන කොල්වින් ගුණරත්න හට එම තනතුරේ කටයුතු නොකළ හැක්කේ මන්ද යන්නයි.

යම්කිසි ක්ෂේත්‍රයක නිරත වන විද්වතෙකුට තම ක්ෂේත්‍රය පිළිබඳව මතයක් තිබීම ආනන්තර්ය පාප කර්මයක් නොවන බව කාලෝ ෆොන්සේකා හට වතී නොයෑම අරුමයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.