අහෝ දයාසිරි සුසිල්ද ඔබ සමඟ නැත

Dayasiri Jayasekaraපර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙන ඇති බවට කණ්ඩායමේ එක් අයෙකුට චෝදනාවක් එක් වූ පමණින් සියල්ලන් ඒ ගොඩට දැමිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ විපක්‍ෂයට එක්වූ 16 දෙනාගේ කණ්ඩායමේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා එල්ල වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ගෙන ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එම වංචාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම අතරමගදී කෝප් කමිටුවේ සිටි පස්දෙනෙක් කමිටුවේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුට දුන් දුරකථන ඇමතුම් ගැනත් හෙළි වූ බැවින් ඒවා ගැනද සොයා බැලිය යුතු බවයි.

එම සමාගමෙන් මුදල් ගත් බව කියන 118 දෙනාම මන්ත්‍රීවරුන් විය නොහැකි බව කී සුසිල් ප්‍රේමජයන්ත මහතා තමන් එම සමාගමේ හිමිකරු පළමුවරට දුටුවේ පුවත්පත්වල පළවූ ඡායාරූපවලින් බවද කීවේය.

එබැවින් එම චෝදනා එල්ල වූ 118 දෙනා ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෙළිදරව් කිරීම වඩාත් සුදුසු බව ද එතුමා සඳහන් කළේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අර්ජුන් ඇලෝසියස්ට අයත් වෝල්ට් ඇන්ඩ් රෝ සමාගමෙන් රපියල් ලක්ෂ දහයක් ලබා ගැනීමේ සිද්ධිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දාසය දෙනාගේ කල්ලිය අභ්‍යන්තරයේ දැඩි කතාබහකට ලක්ව ඇති බව වාර්තාවේ. දාසය දෙනාගේ කල්ලියේ ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේම ජයන්ත වැනි මන්ත්‍රීවරුන්ටද චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාවන් ඇති පිරිස් සමග වෙනම දේශපාලන කණ්ඩායම්ක් ලෙස කටයුතු කිරීම අපහසු කරුණක් බව අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.